
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.
මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇතැයි සපුගස්කන්ද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැත. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දි අලාභානි සිදුකළ පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඒ අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සියලුම නීතිවිරෝධී වැඩ අපරාධ වලට සම්බන්ධ මැර මන්ත්‍රීලාට ප්‍රතිප්‍රහාර වලට මුහුණ දීමට සිදුවේ .ඒවායින් දේශපාලන වාසි ලබාගැනීමද අනිවාර්යයි
මේවා තමයි අන්තවාදී මන්ද බුද්ධික වැඩ. තමන් අකමැති කෙනෙක් නම් ඡන්යේදී ගෙදර යවන්න ඕන. මෙවැනි වැඩ කරන මිනිසුන් ඔය කඩේ යන්නේ මීට අන්ත පුද්ගලයෙකුට නෙ.
මිරිස් කුඩු ගහල නැතෙයි?
දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු ඇමතියාට ඕක මොකක්ද ?
රටේ නායකයාට මේ වගේ උසාවි වලින් වැරැදි කාරයින් කරපු මිනිස්සු අයින් කරන්න කොන්දක් නැතිනම්, මිනිස්සු ඒක කරාවි. දුර්වල කෙනා එකට කඩේ යන නායකයෝ පත්වුණාම ඕක තමයි වෙන්නේ...
නිකන් වහලා දාපු ගෙවල් කීයක් තියනවද මේ ඇමැතිලාට..? ගහන්න තිබ්බේ අසූචි...
අර.. ලේකම්ට කියන්න.. දැං එකෙකුවත් කිට්ටු වෙන්න බැහැ. ගැහුවොත් ගහනවා කියලා එයා කිවුවේ...
රටම විනාශ කරලා මිනිස්සු පාරට ඇදලා දමලා මුකුත්ම නොකර වහසි බස් පමණක් කියන මන්ත්‍රීලා සෙට් එකටම ළඟදීම බඩු හම්බවෙයි
මෙහි ඇති බොහෝ කමෙන්ටුවලින් පෙනෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයට හිතවත් නැති මිනිහෙකුගේ ගෙදරට ගැහුවත් අමන්දානන්දයට පත්වෙන අමන මිනිස්සු කොපමණ ඉන්නවාද යන වගයි...
මේ මන්ත්‍රීතුමා කලකට ඉස්සර තල වැපිරූ කෙනෙක්, දැන් එයා අස්වැන්න නෙලනවා...