IMG-LOGO

මහවිලච්චියේ දරුවන්ගේ අඳෝනාව

(උපුල් හේරත්)

මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 16 කට කිසිදු ක්‍රීඩා ගුරුවරයකු නැතැයි එම පාසල්වල ගුරුවරුන් මෙන්ම මාපියන් මැසිවිලි නගයි.

වසර හතරකට අධික කාලයක් මුළුල්ලේ නිවාසාන්තර ක්‍රීඩා පවත්වා නැත. පාසල් 16 ඉගෙනුම ලබන දුවා දරුවන්ට මේ වතාවේ ඉදිරිපත් වී සිටින ක්‍රීඩක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැඩි උනන්දුවක් පවතින බව අප කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි විය .

දිවා කාලයේ පාසල් ගොස් , සවස් කාලයේ ක්‍රීඩා පුහුණු වීම් ලබා ,රාත්‍රී කාලයේ නිදි වර්ජිතව, වල්අලින් පන්නා දැමීමේ ක්‍රියාවලියට , ගමේ වැඩිහිටියන් සමග එක්ව කටයුතු කරන බව දැන ගැනීමට ලැබිණ.

මෙවන් වූ අති දුෂ්කර ජීවිතයක් ගෙවන මහවිලච්චිය කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් කුඩා දරුවන්ට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ මෙන්ම ක්‍රීඩා පාවහන් නොමැති කම විශේෂයෙන් කැපී පෙනෙන සිද්ධියක් බවට පත් විණි.   මහවිලච්චියට කිසිදු ක්‍රීඩා ගුරුවරයකු නොමැති වුවත් අනුරාධපුර නගරයේ පාසල් දෙකක ක්‍රීඩා ගුරුවරුන් 25 දෙනකු සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි. 

මේ සිද්ධිය පිළිබඳව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එමි.එමි.හෙටිටිආරචිචී මහත්මිය මෙසේ සඳහන් කළාය.

මහවිලච්චිය කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශයේ එවැනි ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව ඇත්ත .ක්‍රීඩා ගුරුවරු හිඟතාවයක් පවතිනවා ,එහෙත් ක්‍රීඩා සහයකවරු දෙතුන් දෙනක් එම කොට්ඨාස රාජකාරි යෙදී සිටිනවා යැයි  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පිළිතුරු දුන්නාය.

 



අදහස් (1)

මහවිලච්චියේ දරුවන්ගේ අඳෝනාව

Bunny Preena Monday, 19 June 2023 12:27 PM

තතුදත් ආරංචි මාර්ග කියපු පාසල් දෙකක සිටින ක්‍රීඩා ගුරුවරුන් 25 දෙනාගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් කවුරුවත් විමසලා නෑ.... වගෙයි. එතුමිය ළඟට ගියාම අහන්න තියෙන ප්‍රශ්නත් අමතක වෙලා තක්කු මුක්කු වෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site