(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ලංගම සතු ඩිපෝ 107 න් ඩිපෝ 40 ක් මේ වන විට අඛණ්ඩව පාඩු ලබන තත්වයේ තිබෙන බව කී එම නිලධාරියා එම ඩිපෝවලින් වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ බව ද සඳහන් කළේය.
පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පෙර පාඩු නොලබන තත්වයට පත්කිරීමට මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව කී එම නිලධාරියා පැවුසවේ එම ක්‍රියාමාර්ගය අසාර්ථක වුවහොත් වසා දැමීමට සිදුවන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් හිමියන් ගාස්තු අයකිරීම කරන ලෙසට ලංගම බස්වල ගාස්තු අයකරනවා.. ඒත් හැමදාම පුද්ගලික අංශය ලාභ ලබද්දී ලංගම උන්දැලා පාඩුයි කියනවා... මෙහෙම වෙන්නේ පාඩුව ජනතා මුදලින් භාණ්ඩාගාරය ගෙවන නිසාම කියලා ඉතාමත් පැහැදිලියි. එනිසා ඩිපෝ වැසුවොත් හොරාකන අයට තමයි පාඩුවක් වෙන්නේ... ඉස්සර වගේ ලංගමයේත් විනයක් නැති නිසා වසාදැමීම එතරම් ප්‍රශ්නයක් නැහැ...
ප්‍රාථමික අධ්‍යාපනයක් ලත් ඇතැම් දෙනා දේශපාලන හිතවතුන්ගේ වැසිකිළි කැසිකිළි සෝදා බස් සේදීම වැනි තනතුරකට ගොස් තවත් ටික කලකින් ඔහු ඉන්නේ පරිපාලන තනතුරක. මේ ආයතනවල ඉතිහාසය ඔන්න ඔහොමයි. ඒවා ගැන දන්නෝ දනිති. ඒ නිසා මෙහෙව් ආයතන පාඩු නොලැබුවොත් තමයි පුදුමය වන්නේ. මේ පාඩු ලැබුවේ මගීන් නිසා නොවේ. බොහෝ කොන්දොස්තර වරුන් පඩියට අමතරව ආදායමෙන් කොටසක් හොරකම් කරනවා. බස් දුවනවා මිසක් කවදාවත් කලට වේලාවට නඩත්තුවක් කරන්නේ නැහැ. ඒ නිසා බස්රථ ඉක්මණින්ම අබලන් වෙනවා. ඡන්ද කාලෙට බස්රථ දේශපාලකයින්ගේ බූදලය වගෙයි. ඒ නිසා මේ ආයතන විකුණා දමා එම නාගරික ඉඩම් ලාභලබන ව්‍යාපාර සඳහා බදු දෙන්න පුළුවන්. එවන් විටෙක මේ ජනතා මුදල් ගිලින ආයතන නැතිනිසා ජනතාවගේ හා රටේ යහපත සැලසේවි...
ආර්ථික ඔස්තාර්ගෙන් තවත් මෝඩ පාඩමක්... මෙම ඩිපෝ හොඳින් කලමනාකරණය කොට ලාභලබනවා වෙනුවට ඒවා වසා දැමීම අනුවණ ක්‍රියාවකි. එයින් පාඩු සිදුවන්නේ මගී ජනතාවටයි. තව කරුණක්, දේශයට මහ බරක් වී ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසා දමන්නේ නැද්ද?
වෙලම්බොඩ සිට කඩුගන්නාව දක්වා බස් රතය මේ ඇමතිතුමා පත්වුනදා සිට නැත . එසේම අම්බගස්තැන්න(කඩුගන්නාවේ සිට ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ සිට කි.මි.3.5 ක් හමුවෙන කුඩා ටවුමකි) සිට ලිහන්ගලවෙල හරහා පිලිමතලාව දක්වා බස් රතයක් වසර 10 ක් සිට අවශ්‍ය ව ඇත. මගීන් 500 ක් පමන සිටී. එන හැම ඇමතිටක ලියුන් දැම්මත් ( සියලු මගීන් ගේ අත්සන් සහිතව ) කිසිකෙනෙකු විසින් බස් රතය ලබා දී නොමැත. සෑම සී.ටී.බී. චෙයාමන් ලිපියක් එවනවා සලකා බලන බවටත් ඇමතිට දැනුම් දුන් බවටත්. මෙහේ පොහොට්ටු කාරයෝ වැහි වහපු ප්‍රදේශයකි. හැකිනම් මෙය ලබා දෙන්න.
Sunil මහතා,කියන්න බලන්න දේශපාලන හෙන්චයන් අරක්ගත් මේ ආයතන ලාභ ලබන ව්‍යාපාර බවට පත් කරනා හැටි.මෙන්න කියලා කරයි.බංකොලොත් රටේ ජනතාව දුක් විඳින වෙලාවක මේ නාස්තිකාර ආයතන නඩත්තුව සඳහා රටේ මුදල් තව තවත් ලබාදෙන්න කියලද ඔබතුමා කියන්නේ.
පාඩු ලබන ඩිපෝ පමණක් නොව සමස්ත ලංගමයම වසා දැමිය යුතුයි.පුද්ගලික බස්රථ සේවය රජයෙන් නියාමනය කල යුතුයි.ලංගමය පවත්වා ගෙන යාම ජාතික අපරාධයකි.එය දන්නේ එහි සිටින වැඩ කරන සේවකයන් පමණි
අපේ රටේ සියලුම වටිනා ආයතන සම්පත් සියල්ල හොර තක්කඩි දේශපාලුවෝ හා උන්ගේ හෙන්චයියෝ කෑවා .
රජයේ මොන ආයතනය බැලුවත් පාඩු ලබනවා.රටේ මුල් පුටුවේ ඉන්දලා ඉන්නේ හොරකම්,වන්චා,දූෂණ කරන එවුන් ?
බොහොම හොඳයි. පුද්ගලික බස් රථවලට සෙනග නැග්ගගන්න ඉඩ දීලා හවසට ගාණක් ගන්නවා. ඉතින් ලාබ ලබයි ද