
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ඉටු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්ත්වය හා අද ඇතිවී තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ දිස්ත්‍රික් ආසන බලමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"අපි කවදාවත් වැඩිහිටියන්ට නාකි මයිනා කියලා බනින්නේ නෑ. වයසක අයට වෛර කරන පොස්ට් දාන මිනිස්සුන්ගේ අභ්‍යන්තරය හොයලා බලන්න. ඔවුන් පුදුම කුහකයෝ. එක්කෝ දෙමාපියන්ගෙන් අතවරයට ලක්වෙලා, එක්කෝ දෙමාපියෝ නිසා අසාධාරණයට ලක් වුණ අය. වැඩිහිටියන්ට වෛර කරන අය තමයි නාකි මයිනා කියලා බැන බැන අපේ වැඩිහිටියන් සමච්චලයට ලක් කරන්නේ යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් එම තත්වයට පත්කරේ තමුන්මයි, තමුන් සතුටුවන තව කාරණාවක් තියෙනවා, ඒක තමයි, එකම පොහොට්ටු හොරෙකුටවත් එකම යූ එන් පී හොරකුටවත් දඬුවම් නොලැබුණු නිසා...
අද කොහෙද 69 ලක්ෂයක් .69 ලක්ෂයක් මිනිසුස්න්ගේ බලාපොරොත්තු ඉටු කරාද.චන්ද තියනකම් බයිලා ගහන්න පුළුවන්
බලාපොරොත්තු ඉටුකරන හැටි හොඳාකාරවම පෙනෙන්නට තිබෙනවා. තවත් හොඳින් දැකගත හැකියි. මැතිවරණයක් පැවැත්තුවොත්...
මෙයාගේ හුළං බැහැලා ටිකක් මහත අඩුවෙලා තියෙන්නේ මොකක් හරි ලෙඩක්වත්ද?
ඒක නම් ඇත්ත.මෙයා කවදාවත් මහින්ද ට මයිනා කියලා නෑ .කීවානම් අද මෙයා මේ කතා කියන්න ඉන්නෙත් නෑනේ කොහොමත් .මෙයා කරන්නේ අහිංසක කප්පමක් දෙකක් ගන්න එක විතරයි
69 ලක්ශේ බලාපොරොත්තු දැන් වෙනස් වෙලා.මහ බැංකු චූදිතයා දැන් රජ වෙනවා .පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය සත්‍ය තත්වය.රට රකින්න ආපු වීරයා මිතුරන් ආරක්ෂා කිරීමට ගොස් රටේ ආර්ථිකයත් බිම දමලා මිනිස්සු අමාරුවේ දමලා පස්ස දොරින් පැනලා යන බව මිනිස්සු 2019 දී දැනගෙන හිටියේ නෑ
එතකොට අන් අයගෙන් කප්පම් ගන්නේ ... මොකක් වෙලාද දන්නැ ... ගෙදර උන්දැගෙන් අතවර වෙච්චි අයද??
ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබලාට කලගුණ සලකන්න. තියන්න චන්දයක් .69 ලක්ෂයක් නොවේ ලක්ෂ 80 විතර ඔබලාට විරුද්ධව චන්දෙ දෙන හැටි බලාගන්න පුළුවන්.මෙදා පාර මිනිස්සු කොඩි අරගෙන මැදපෙරදිග ඉඳන් එන්නේ ඔබලාට විරුද්ධව චන්දෙ දෙන්න බව සිතාගන්න
කොමිස් ගහල, කප්පම් අරන් රට විනාශ කරල දැන් එනවා බයිල කියන්න. මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. රනිල් හොරා කියලා කිව්වෙත් තමුසෙලම තමයි. කන්න ඕන උනාම කබරයාත් තලගොයා කරන්නෙ තමුසෙලා වගේ දිවදෙකේ උන් තමයි.
.බලයේ හිටපු කාලේ වෙච්ච් බොරු පොරොන්දු සුරන්ගනා කතා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.දූෂිත බලලෝබි දේසපාලුවන්ගේ බොරු බේගල් වලට ජනතාව රැවටුනු කාලේ දැන් ඉවරයි ..දේසපාලනෙන්ම හොරාකාලා බඩවඩා ගත්තු හොර දූෂිතයන්ට බලය නැතුව ඉන්ඩ බැරුව ඇති . .
ඔලුවක් නැති. නුවණක් නැති බඩලොකු කට්ටිය කියන කතා. ඒ තරම් ගණන් ගන්න අවශ්‍ය නැහැ. මේ ටික එකතුවෙලා හොරා කාපු ණය කන්දරාව පියවන්න. මොවුන්ව හිරේ නොදා... රනිල් මොවුන්ව ආරක්ෂා කරමින්.... ලොකු ණය කන්දරාවකට රට පත් කෙරුවා. හොඳට තිබුණු රට ලොකයේ දුප්පත්ම රටවල් අතරට දමලා නම්බු නාමත් ගත්තා. ඒ ණය අර්ගෙනත් රුපියල තවමත් පාවෙනවා... මේ නඩේ දකින්නේ තම තමන්ගෙ පවුල් කට්ටිය විතරයි දිනපතා... රටින් භාගයක් කන්න නැහැ. ණය අරගෙනත් රට වලපල්ලේ. මොවුන් සේරම එකයි. නාකි මයිනාට සපෝට් කරන්නේ රනිල් ඇතුලු මේ. ගොබ්බ රැල. හිතන් ඉන්නේ. 69 ලක්ෂයක් කොයිතරම් මෝඩ මී හරකෙක්ද? ගොබ්බ රැලගේ අඩු පාඩු හරි ඒවා වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. නාකි මයිනා ඉන්න කොට. මෙයා එදත් හිටියේ මේ වගේ සෙවල කතා කියමින් තමන්ගේ බොක්ක පිරුණොත් ඇති... මොවුන්ට තියෙන්නේ බොක්කක් නෙමේ. කාණුවක් එකපාර ජනාධිපතිවරණයක් තිබ්බා නම් හරිනේ. දැන් සල්ලි තියෙනවනේ... පරිස්සම් වෙන්න. ජනතාව අතේ තියෙන්නේ හැන්ද නෙමේ කොස්ස බව මතක තියා ගන්න. නාකි හොර නඩේ. හරි මහන්සි ඇති ලෝකෙන් ණය ඉල්ලලා.
හැබැයි එදා නම් කිව්වේ රනිල් බලයට ආවුත් අනුරාධපුර ශ්‍රීමා බෝදීන්වහන්සේ වදින්නත් ඇමරිකානු විසා ගන්න වෙනවයි කියල. එක තවම වලංගුද?
හලෝ 69 ලක්ෂය බලාපොරොත්තු උනේ නැහැ පන්සල් සතු ඉඩම් සිංහල රටේ ඉඩම් දෙමළුන්ට හම්බයින්ට දෙන්න. රාජපක්ෂලා කලේ දෙමල්ලු හම්බයෝ අයිති කරගෙන සිටි පන්සල් ඉඩම් නැවත පන්සල් වලට ලබාදීමයි. අපි ජෙප්පන්ට, සජබ යින්ට, එජාපෙට චන්දෙ නොදෙන්න එක හේතුවක් ඕක.
රනිල්ලාට දිගට හරහට බැන්නෙත් ඔහෙලමයි. දැන් පන යනකන් හොඳ කියන්නෙත් ඔහෙලමයි. ඔය කියන දේවල් සත්‍ය නම් එකෙන්ම තේරෙනවා ඔයාගේ මෝඩ හෝ කපටිකම. එබැවින් ඉස්සෙල්ලම ගෙදර යවන්න ඕන ඔහෙලා
තරුණයෙක්ට ගෙයක් දොරක් හදන්න විදියක් නෑ බඩු පට්ට ගණන්. එහෙවු රටේ අපේ බදු සල්ලි වලින් සැපේ ජීවත් වෙන මේකාට තියෙන්නේ අමුතුම ප්‍රශ්න. ගම්පහ මිනිසුනි මීලග චන්දෙදි ආත්මාර්තකාමී මිනිසුන් ප්‍රතික්ෂේප කරන්න. ගම්පහ ජනතාවනි ඔබේ ජීවිත සුඛිත මුදිත වෙලාද ?
අනේ .. එපා ඔයය ඇති..