(නිමන්ති රණසිංහ)
බාලවයස්කාර දැරියක අත්අඩංගුවට ගෙන කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් පිළිබදව මත්තේගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) කරුණු වාර්තා කර ඇත.
රුපියල් ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් රන් බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 11ක බාලවස්කාර දැරියක අත්අඩංගුවට ගෙන කරුණු හරිහැටි නොසොයා ව්‍යාජ පැමිණීල්ලක් ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ත’බිණී.
වින්දිත දැරිය ඉකුත් පෙබරවාරි මස 23 වැනිදා මත්තේගොඩ පිහිටි සිය ඥාති නැන්දනියගේ නිවසට ගොස් ඇති අතර, එහිදී එම නිවසේ තිබූ අදාළ රත්‍රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකාරිය පොලීසියට පැමිණීලිකර ඇති බවත් ඒ අනුව බාලවයස්කාර අදාළ දැරිය සමග අසල්වැසි නිවසක අඹුසැමි යුවළක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ළමා රක්ෂණ අධිකාරියෙන් මත්තේගොඩ පොලීසිය ගැන විමර්ශනයක්