
(රංජිත් රාජපක්ෂ)
පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු අද අලුයම හැටන් පොලිසිය බාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ එහි රැඳී සිටියදි හැටන් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත පාසල් සිසුවා පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත්, තම පවුලේ වැඩිමහල් සොහොයුරකු සහ සොහොයුරියක සිටින බවයි.
පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටිමින් පාසල් අධ්‍යාපනය ලබාගත් බවත්, 10 වසර තෙක් අධ්‍යාපන ලබමින් සිටින අවස්ථාවේ පාසලෙන්ද තමන්ව ඉවත් කළ බව ඔහු කියා ඇත.
මිත්තණියගේ නිවසේ රැදි සිටියදි පියා පැමිණ ගෙදරින් යන ලෙස බල කරමින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, පියා බද පටියෙන් තමන්ට පහර දිම නිසා පිට කොන්දේ තුවාල සිදු වි ඇති බව කියා සිටි පාසල් සිසුවා වැඩිදුරටත් කියා සිටියේ මව සහ පියාගේ වද හිංසා හමුවේ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණ මිත්තණියගේ නිවසට යාමට සූදානමින් සිටි තමාට වැරදීමකින් බදුල්ල දුම්රියට ගොඩ වූ බව කියා ඇත.
මව සහ පියාගේ වද හිංසා හමුවේ තමන්ට ආපසු නිවසට යාමට නොහැකි බවද එම පාසල් සිසුවා කියා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිිසි දෙයක් නොදන්නා පව් අහිංසක දරුවා. අද බලන්නේ කවුද මෙම දරුවාවට ? අපි කුමක් කරන්නද ? පව්.
කිසිදෙයක් නොදන්නා පව් අහිංසක දරුවා. අද බලන්නේ කවුද මෙම දරුවාට? අපි කුමක් කරන්නද? පව්...