(යොහාන් භාසුර)
කොළඹ නගරය අශ්‍රිතව විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැති ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම බස් රථ සේවය සඳහා ඉදිරියේදී අභිප්‍රාය කැඳවීමට බලාපොරොත්තු වන බවත් පොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය අවම කරගැනීමට සහ ඉන්ධන මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු ඉහළ යෑම පාලනය කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක් ක්‍රියාත්මක වෙනව නම්. ඒ බස් රථ වල බැටරි ආරෝපණය කළ යුත්තේ සූර්ය බලශක්තියෙන් . ජාතික විදුලි පද්ධතියෙන් ආරෝපණය කරනව නම් බලාපොරොත්තු වන ප්‍රතඵලය ලැබෙන්නෙ නෑ
ඇමතිතුමෝ කොළඹට ඕනෑතරම් බස් තියනවා.කරුණාකරලා ප්‍රවාහන සේවය දුර්වල ගම්පලාත් අහිංසක ජනතාව .විශේෂයෙන් පාසල් යන දූ දරුවන් ගැන සිතා එම පලාත්වල බස් සේවය දියුණු කරන්න බලන්න .කොළඹ වටේ කැරකි කැරකි ඉන්නේ නැතුව
ඉතාමත් යහපත් කාලෝචිත තීරණයක්. බොහෝ කලකට පෙර කලයුතුව තිබූ දෙයක් දැන්වත් කිරීම ගැන සතුටුයි. ක්‍රමයෙන් වෙනත් ප්‍රධාන නගර වලටත් දීර්ඝ කරන්න.
වැදගත්ම ප්‍රශ්නය නම් මේවට අවශ්‍ය විදුලිය නිපදවන්නේ ජල විදුලියෙන්ද නැතිනම් පොසිල ඉන්ධන වලින්ද?රවටන්නේ වෙර දරන්නේ කාවද?
ඕකත් අර කැළණි වැලි කෝච්චිය රත්නපුරේට ගියා වගේ පුස් වෙඩිල්ලක් නොකර බස් ටික ලංකාවට ගෙනැල්ලාම පුරාජේරුව ගහමුද?
ඇති ඇති.. දැං අපි සිටි බස් එකේ හැමතැනම ඇවිදිනවා..
මෙතන මේ කියන්නේ එහෙම විදුලියෙන් ක්‍රියාත්මක වෙන බස්රථ සේවයක් ක්‍රියාත්මක කරන්න කැමැත්තක් දක්වන පාර්ශවයන්ට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. මේක ෆොසිල ඉන්ධන වලින් විදුලිය හදලාද මොකද දැන්ම කියන්න බෑ. මොකද මේකට විරුද්ධ වෙලා කතාකරන අය හයිබ්‍රිඩ් කාර්, ඉලෙක්ට්‍රික් කාර් දෙනවා කිව්වා නම් එපා කියනවද?
වෙලම්බොඩ සිට කඩුගන්නාව දක්වා බස් රථය මේ ඇමතිතුමා පත්වුනදා සිට නැත . එසේම අම්බගස්තැන්න(කඩුගන්නාවේ සිට ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ සිට කි.මි.3.5 ක් හමුවෙන කුඩා ටවුමකි) සිට ලිහන්ගලවෙල හරහා පිලිමතලාව දක්වා බස් රතයක් වසර 10 ක් සිට අවශ්‍ය ව ඇත. මගීන් 500 ක් පමන සිටී. එන හැම ඇමතිටක ලියුන් දැම්මත් ( සියලු මගීන් ගේ අත්සන් සහිතව ) කිසිකෙනෙකු විසින් බස් රථය ලබා දී නොමැත. සෑම සී.ටී.බී. චෙයාමන් ලිපියක් එවනවා සලකා බලන බවටත් ඇමතිට දැනුම් දුන් බවටත්. මෙහේ පොහොට්ටු කාරයෝ වැහි වහපු ප්‍රදේශයකි. හැකිනම් මෙය ලබා දෙන්න.
ලංගමේ නොයන බන්දුල, බන්දුල ලංගමේ ගියොත් අටපට්ටමට කියන්න ඕනෑ හොඳේ... තියන ලොරි, බස් ටිකවත් වෙලාවට දුවන්න.. ඔබලාත් ඒවායේ නැගලා යන්න...
1960 ගණන් වල අපිට බොහොම විනීත සේවක මහතුන් සමග ට්‍රොලි බස් සේවයක් තිබුනා. ට්‍රැමකාර් සේවයෙ අවසානය සමග මේ විදුලි බස් රථ අපිට ලැබුන. කෝ කිසිම සුගතියක් නැති සුගතදාස ඒ සේවය කාබාසිනියා කලා.