ස්වාධීන කොමිෂන් තුනක නව පත්කිරීම් කල් යන ලකුණු මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් කල් යමින් පවතින බව වාර්තාවේ. 29 April 2023
විදෙස් සංචාරකයන්ගේ නිදහස වැඩි කරන්න ආරක්ෂක දැලක් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. 29 April 2023
පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනකුට ජනපති අතින් සම්මාන ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත්ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායකවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය. 28 April 2023
පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන් සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල්වලින් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා ) තොරතුරු අනාවරණයවී ඇත. 28 April 2023
පානදුර වෙරළට අඩි හතක කිඹුළෙක් පානදුර මුහුදු වෙරළට අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් අද පස්වරුවේ පැමිණ ඇතැයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 28 April 2023
අයි.එම්.එෆ් යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මතවිය. 28 April 2023
කටාන ප්‍රා.සභා හිටපු උප සභාපති ඝාතනය කරයි කටාන ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති හැත්තෑ දෙහැවිරිදි වියේ පමණ පසුවන පීටර් හපුආරච්චි මහතා පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල්වත්තක මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර තිබියදී සිරුර අද (28) සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි 28 April 2023
කටුනායකට ආ ගුවන් යානය මත්තලට ගොඩබස්වයි කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ . 28 April 2023
ප්‍රතිත්‍රස්ත පනත කඩිමුඩියේ නෑ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කෙරෙන්නේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් පසුව බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 April 2023
අර්බුදය ගැන මහින්ද කතා කරයි රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි . 28 April 2023
ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ත්‍රස්ත පනතට විරුද්ධයි යෝජිත ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය දැඩි විරෝධය දක්වන බව එම මණ්ඩලය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 28 April 2023
අන්තරේ පාගමනට පොලිසියෙන් වැටක් සිරගතකර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සහ ආපනශාලා ඇතුළු අධ්‍යාපන සුභසාධන ගැටළුවලට විසදුම් ඉල්ලා කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය 28 April 2023
වෙසක් සැරසිලි මිලත් අහස උසට මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ නිසා වෙසක් සැරසිලි අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති. 28 April 2023
ග්ලාසෝ ප්‍රාථමිකයේ ළමුන් 29කට ආහාර විස වෙයි නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 05 ශ්‍රේණියෙන් පහළ පාසල් ළමුන් 29 දෙනෙකු ආහාර විස වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අද (28) මධ්‍යහන 12 ට පමණ ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසයි. 28 April 2023
ජාජබ, මූල්‍ය අරමුදලට විරුද්ධව ඡන්දය දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වලට විරුද්ධව ජාතික ජන බලවේගය ඉතා නිශ්චිතවම ඡන්දය ප්‍රකාශ කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 April 2023
නරක්වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. 28 April 2023
හමුදා ප්‍රවීනයන් දෙදෙනකුගේ බිරින්දෑවරුනට උපහාර දේශප්‍රේමිත්වයෙන් යුත් යුද හමුදා ප්‍රවීනයන් ලෙස ජාතියේ ප්‍රසංශාවල හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න රණවිරුවාන්ගේ බිරින්දෑවරුනට ගෞරව බුහුමන් දැක්වීමේ අවස්ථාවක් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 28 April 2023
වන අලියාගේ පහරදීමෙන් එක්දරු පියා මරුට ගල්ගමුව , මහගල්කඩවල , නෙළුම්ගම , පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. 28 April 2023
පහරකා රෝහල් ගත වූ තරුණයා රෝහලේදී මරා දමයි පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට රහසිගතව ඇතුළු වූ අයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මරා දමා ඇතැයි ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 28 April 2023
අයි.එම්.එෆ් කොන්දේසි දේවාශිර්වාදයක් ඇතැම් පාලකයන් රටට කරපු නරක සමඟ සසඳා බලන විට අයි.එම්.එෆ් කොන්දේසි දේවාශීර්වාදයක් බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 April 2023
උණ වැළඳී දොළොස් හැවිරිදි දැරිය මරුට ඌව කුඩාඔය බලහරුව පාර පදිංචි දොළොස් හැවිරිදි දැරියක් උණ රෝගය වැළඳී වැල්ලවාය රෝහලේදී ඉකුත් (27) වෙනිදා මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 28 April 2023
කොන්ද නැති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් අහිමි කිරීම හරිද? මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. 28 April 2023
වැටුප් ප්රශ්නය විසඳන චක්‍රලේඛය ලබන සතියේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දය ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබාදෙන චක්‍රලේඛය ලබන සතියේ පිට කරන බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවවේදී අද (28) පැවසීය. 28 April 2023
ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක් අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය. 28 April 2023
වතු ගැටලු විසඳන්න කඩිනම් පියවර කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් කෘෂිකාර්මික ක්ෂේත්රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 April 2023
ඩෙල්ෆ් සිද්ධියේ සීයේ ආච්චිත් මරුට යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේදී පසුගිය 22 වනදා නිවසක් තුලදී සිදුවූ තියුණු ආයුධ පහරදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට වයෝවෘද්ද කාන්තාවද ඊයේ (27) මිය ගොස් ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පවසයි. 28 April 2023
මාරුවට එරෙහි අජිත්ගේ ලිපියට පරීක්ෂණයක් දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත. 28 April 2023
අද සවස තදින් වැස්ස දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 April 2023
පෙම් හුටපටය පී.සී ගුටි කාලා නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොලේ නතර කර තිබූ පෞද්ගලික බස් රථයක් තුළට කඩා වැදී බස් රථයේ වාඩිවී සිටි ආගරපතන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ රාජකාරි කරන සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි. 28 April 2023
රිලව් පන්නන්න උපකරණයක් ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු රිලවුන් ගෙන් හා වදුරන් සිදුවන හානිය වලක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබේ. 28 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026