ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුට කළ අපරාදය අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 28 April 2023
රිලවුන්ගේ රට යන වරම ඉක්මන් වෙි රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 27 April 2023
නිදන් හෑරූ කොස්තාපල් ඇතුළු 4 ක් අත්අඩංගුවට පූඩලු ඔය ඓතිහාසික පුසල්පිටිය විහාරස්ථානය පිටුපස ඇති මලියදේව ලෙන ඉස්මත්තේ පිහිටි කැලෑ ප්‍රදේශයක නිදන් වස්තු ගොඩ ගැනීමට ගොඩගැනීමට කැණීම් සිදු කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු ඇතුලූ ඇතුළු 4 දෙනෙකු පෙරේදා 26 වැනි දා සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි 27 April 2023
වෙරළේ චණ්ඩි අල්ලන රථ ජනපතිගේ නිරීක්ෂණයට ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 27 April 2023
අයි.එම්.එෆ් ණය වසර හතකට වරක් දෙගුණ වෙනවා මූල්‍ය අරමුදලෙන් ගන්නා ණය සෑම වසර හතකට වරක්ම දෙගුණයක් වෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 April 2023
විදෙස් රැකියා පෙන්වා හාරලක්ෂයක් ගන්න හැදූ කත රිමාන්ඩ් විදේශ රැකියා ලබා ගැනිම සඳහා විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කරදිමට යයි පවසා ගාල්ලේ කාන්තාවකගෙන් රුපියල් හාර ලක්ෂයක් ලබා ගනිද්දි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කන්තාවක මැයි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කලේය. 27 April 2023
‘මගේ ආදරේ නැති වුණා‘ ලිපියක් ලියූ තරුණයාගේ සිරුර එල්ලෙයි අම්මේ තාත්තේ මට සමාවෙන්න, මට ප්‍රශ්න තියෙනවා. මගේ ආදරේ නැති වුණා යැයි පවසමින් කෙටි ලිපියක් ලියා , සෙල්ෆි ඡායාරූපයක් ගත් 18 හැවිරිදි තරුණයාගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව වරකාගොඩ පොලිසිය කියයි. 27 April 2023
බඩ ඉරිඟු ආනයන බලපත් කඩිනමින් නිකුත් කරන්න නියෝග සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු වලින් මේ වන විට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කළ යුතු බඩ ඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 April 2023
සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නෑ කීවාට වෛද්‍යවරයාගේ දරුවාට බූරුවා කියා බැනලා පානදුර ජනප්‍රියම පිරිමි පාසලක පාසල් සංවර්ධන සමිතියේ දී සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නැතැයි වෛද්‍ය පියෙකු පැවැසුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරිය විසින් වෛද්‍යවරයාගේ දරුවාට බූරුවා කියා බැනවැදුනට එරෙහිව ලද පැමිණිල්ලක් අනුව පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 27 April 2023
අයි.එම්.එෆ් ගැන අපිට සැකයි’’ නිදහස ජනතා සභාව මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන බලන්නේ සැකයෙන් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 April 2023
හොරා හොරා කීවාට මම හොරෙක් නොවේ පික්පොකට්කාරයන් හොරකම් කර ’’හොරා’’ ’’හොරා’’ කියමින් දුවනවිට මිනිස්සුත් නිර්දෝෂී මිනිස්සු පස්සේ පන්නන එක සාමාන්‍ය දෙයක් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 27 April 2023
කච්චතිවු බුද්ධ ප්‍රතිමාව ඉවත් කරලා කච්චතිව් ශාන්ත ආන්තෝනි දේවස්ථානය අසල ස්ථාපිත කර තිබුණු බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කළ බව නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත දැනුම් දී ඇත. 27 April 2023
පාසල් හිටපු ක්‍රිකට් විනිසුරුගේ මළ සිරුර දින තුනක් නිවසේ හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ නරක්වූ මළසිරුර වාද්දුව මහවිහාර පාරේ නිවසක තිබී අද (27) සොයාගත් බව වාද්දුව පොලිසිය පවසයි . 27 April 2023
‘අයි.එම්.එෆ් යෝජනාවට අපේ ඡන්දය නෑ‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28) ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 27 ) පැවසීය. 27 April 2023
ආණ්ඩුව අයි.එම්.එෆ් ගිවිසුම කඩලා ආණ්ඩුව දැනටමත් අයි.එම්.එෆ් ගිවිසුම කඩා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 April 2023
කරන්නාගොඩට ඇමෙරිකාවේ දොර වැසෙයි වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත. 27 April 2023
ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 April 2023
දූෂණ විරෝධී පනත මැතිසබයට රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (27) ඉදිරිපත් කරනු ලැබීය. 27 April 2023
රූප පෙට්ටියට - රේඩියෝවට දුන් බලපත් ගැන සැකයක් විධිමත් ක්‍රමවේදයකින් තොරව බරපතල විෂමතා සහිතව රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත්‍ර ලබා දුන් අවස්ථා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 April 2023
අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි. 27 April 2023
දියවන්නා ඔයේ තෙල් තට්ටුවක් දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 27 April 2023
මේ වසරේදී කොරියා රැකියා 8000ක් කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 27 April 2023
අධිවේගියේ ගාස්තු ඉහළට රුපියල් පනහේ සිට ඉහලට සියලු අධිවේගී මාර්ග වල අය කරන ගාස්තු ඉහළ දමමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 27 April 2023
සවස එළියට යනවා නම් කුඩයක් අරන්ම යන්න දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 April 2023
එකම පවුලේ හතරක් කපා දමලා බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. 27 April 2023
අ‘පුර අතිරේක මහේස්ත්‍රාත් පොලිසිය පතුරු ගහයි තන්තිරිමලේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය පොලිසියට සරළ කාරණයක් වුවද එම සිද්ධිය අධිකරණයට බරපතල කාරණයක් බව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය උතුරු මැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා සහ රහස් පොලිසියේ නිලධාරීන් අමතමින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය. 27 April 2023
ආයුර්වේද වෛද්‍යවරියගේ ගෙළ කපා මරා දමලා කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස දී දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. 27 April 2023
මවක් දරුවකු කුසේදීම විකුණලා:පහක් සැකපිට තංගල්ල ප්‍රදේශයේ පදිංචි මවක එක් දිනක් වයසැති සිය බිළිදිය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි යුවළකට විකිණී යැයි කියන අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි. 27 April 2023
සහරාන්ගේ වත්තේ නිධන් හෑරු තව තුනක් මාට්ටු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධන් හෑරීමට හවුල් වූ බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 27 April 2023
අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි වලහපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. 27 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026