(එම්.සුසිල් පියන්ත, ඩී.ජී.සුගතපාල සහ දිපාල් සිල්වා)

සීනිගම දී සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්තීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය කියයි.

හිටපු මන්තීවරයා සිය මෝටර් රථය අද (17) දහවල් සීනිගම නගර මධ්‍යයේ නතර කර තබාගෙන සිටි අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩ් තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

වෙඩි වැදුණු හිටපු මන්තීවරයා වෙඩි කාගෙනම සිය මෝටර් රථයෙන් හික්කඩුව පොලීසියට ගොස් පොලීසියේද මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ද පොලීසිය කියයි.

හිටපු මන්තීවරයාගෙ උර හිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංච් මාර්ග කියයි.

මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(දීපාල් සිල්වා)