
(රෝහණ සමරවීර සහ ඩබි ඒ සිරිසේන)
රක්වාන ඕබොඩකන්ද දොළ රක්ෂිතයක අනවසරයෙන් මැණික් පතල් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනකු තුවාල තුවාල ලබා රෝහල් ගතකළ බව රක්වාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රක්වාන මාදම්ප වතුයායේ ස්ටෝරුකඩේ නොම්මර එක කොටසේ පදිංචි සෙල්ලමුත්තු සෙල්වකුමාර නැමැති හතලිස් අට හැව්රිදි සිව් දරු පියකු හා එස් තත්‍යගරාජා නැමැති හතළිස් පස් හැව්රිදි තිදරු පියෙකි.
මැණික් ගරමින් සිටි පිරිස පස් කන්දකට යටවීමෙන් අනතුරුව තුවාල ලබා සිටියදී ඉන් ගොඩට ගෙන රක්වාන ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන පැමිණි නමුත් ඒ වනවිටත් දෙදෙනා මියගොස් සිටි බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ සිංහරාජයේ හෝටලේ සේවකයින් වෙන්න ඇති කියලා...