(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැති බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට පැමිණි පාසල් ක්‍රීඩා තරඟ විනිසුරුවරියක ගේ අත් බෑගයේ තිබී හිස් උණ්ඩ තුනක් සොයා ගැනීමෙන් පසු එම තැනැත්තිය සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි වියේ පසු වන තැනැත්තියකි.
ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා අලියගහ මන්දිරය පරිශ්‍රයට පැමිණෙන කාන්තාවන් පරික්ෂා කිරීමේ කටයුතුවල යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියක් මෙම තැනැත්තියගේ අත්බෑගය පරීක්ෂාකර බැලීමේදි මෙම හිස් උණ්ඩ තිබී සොයාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සැකකාරිය පිළියන්දල මධ්‍ය මහා මධ්‍ය මහා විද්‍යාලයේ පැවති පිහිටා උත්සවයක තරග තීරකවරයකු ලෙස කටයුතු කළ අවස්ථාවේ තරඟ ආරම්භ කිරීමට සංඥාව ලබාදීම සඳහා භාවිතා කළ අවියේ උණ්ඩ බිම වැටුණු පසු අවුලාගෙන අත් බෑගයේ දමාගෙන සිට ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යයි පොලීසිය කියයි.
එම ක්‍රීඩා උත්සව සඳහා ආරම්භක සංඥා ලබා දීමට භාවිතා කරන ලද අවිය පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයෙන්නීත්‍යානුකූල ආකාරයට ලබාගෙන ඇති බවද බවද පරීක්ෂණවලින් අනාවරණය විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
මේ සඳහා භාවිතා කරල ද උණ්ඩ මලල ක්‍රීඩා සංගමය විසින් සපයා ඇති බවද පොලිසිය කියයි.
කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවීමෙ අලගිය මුලගිය තැන් ඔක්කෝමත් දැනදැනම ඇයව අත් අඩංගුවට අරගත්තාට මදිවට තව සැකකාරියක් කියලත් කියනවා.. හිස් උණ්ඩ කොපුවලින් අපරාධයක් කරන්න බැරිබව වටහගන්න බැරි තරම් දුර්වල ආරක්ෂක අංශයක්ද මේ රටේ තියෙන්නේ?
පව් අහිංසක ගුරුතුමිය, ලස්සනට මොනවා හරි කරන්න කියලා බෑග් එකට දාගත්ත ඒ හිස් උණ්ඩ ටික අරන් තියන්න අමතක වෙන්න ඇති.
රාජ්‍ය නිලධාරීන් වශයෙන් පත්වීම් ලබාදීම සිදුකරන්නේ අරලිය ගහයටද? අම්මපා මේක පුදුම රටක්නේ. ඒ කාලේ පත්වීම් ලබා දුන්නේ අපට ලියුම් බෙදන පියුම් මහත්තයා.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මොවුන්ට ලැජ්ජාව කියලා දෙයක් නෑ වගෙයි...
අවංකව සේවය කරන අයට මෙහෙම තමයි සලකන්නේ. ඒ ගුරුවරිය කිසිම වැරැද්දක් කරලා නැහැ. එම හිස් උණ්ඩ ලැබුණු හැටි සියල්ල හෙළි වුණා නම් ඇයි අත්අඩංගුවට ගන්නේ...? මෙවැනි අමන නිලධාරින් නිසා තමයි රාජ්‍ය සේවය විනාශ වෙන්නේ...!