
(අංජුල මහික වීරරත්න)
ලන්දේසි පාලන සමයේ දී (1640-1796) ශ්‍රී ලංකාවෙි සිට ඕලන්දයට (නෙදර්ලන්තය) රැගෙන ගිය මිල කළ නොහැකි පෞරාණික අවි ආයුධ හයක් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්ත රජය පොරොන්දු වී තිබේ.
පාරම්පරික සිංහල කැටයම් සහිත කාලතුවක්කුවක්,ලෙව්කේ දිසාවෙිට අයත් දියමන්ති එබ්බවූ කඩු කස්තාන ඇතුළු අවි ආයුධ ද මෙම පුරාවස්තු අතරට අයත් වේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නෙදර්ලන්ත රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පෞරාණික භාණ්ඩ නැවත ලංකාවට ලබා ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළ කර තිබේ.
මෙම පෞරාණික භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන ආ පසු කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියක තැන්පත් කරන අතර නෙදර්ලන්ත රජයේ අධීක්ෂණය යටතේ එම කුටිය මේ වන විට ඉදිකරමින් පවතී. ලංකාවට රැගෙන ආ පසු කෞතුක භාණ්ඩ වලට කාලගුණික සාධක වලින් හානියක් නොවන පරිදි අදාල කුටිය නිර්මාණය කිරීමට ජාතික කෞතුකාගාරය පියවර ගෙන ඇත.
මෙම විශේෂිත කුටියේ ඉදිකිරීම් මෙම සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඔක්තෝම්බර් මාසයේ මුල් සතියේ දී එම පුරාවස්තු මෙරටට රැගෙන ඒමට නියමිතව පවතී. රිදී, රත්‍රන් සහ මැණික් ඔබ්බවා ඇති ලෝකඩ කාලතුවක්කුව, ලී තුවක්කු කරත්තය,ඝන රන් මිටක් සහිත දියමන්ති 136ක් එබ්බ වූ රන් කොපුවක් සහිත කස්තානය,සියුම් කැටයම් ලී මිට සහිත තුවක්කු දෙකක්,යකඩ කඩුවක් සහ කොපුවක්,රන් ආලේපිත කුඩා තුවක්කු බටයක් සහ ලෝකඩ තුවක්කුවක් එම පෞරාණික භාණ්ඩ අතර වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මෙහෙට ගෙනාවේ අපේ කෞතුකාගාරේ සිද්ධවෙන දේවල් හැටියට කී දවසක් තියේවිද?
මේ වටිනා පුරාවස්තු නැවත ලබාගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයක්. ඒ සඳහා ක්‍රියාකළ සාගල රත්නායක මහතාට අපගේ ප්‍රණාමය...!!! මේවා මෙසේ ලබාගත්තා වගේම, හොඳින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. නැතහොත් හොරකමට කප් ගැසූ දේශපාලකයින් මේවා හොරකම් කොට ඒ වෙනුවට ව්‍යාජ ඒවා තියාවි...
ඒකෙත් අවසානය... දැනටම ගියපාර වගේ කඩු සෙල්ලම් දාලා ඕක හොරකම් කරන්න සැලසුම් කරනවා ඇති...
ඉතින්, සාගලලත් මොනවා හරි කරනවා කියලා පෙන්නන්න එපෑයැ... දැන් ඕවා ගෙනාපු ගමන් ඩොලර් බහිනවනේ...
එක වතාවක් හොඳටම කටුගෙය සුද්ද කළා... මේවා ගෙන්වගෙන මොනවා කරයිද?
පරිස්සමින්, ලංකාවේ කෞතුකාගාරය හොරගුහාවක් කියලා මතයක්ද පවතින බැවින්, මෙම කෞතුකාගාර භාණ්ඩ විශේෂ ආරක්ෂිත මැදිරියක තිබිය යුතුය. හොර අවදානම් තිබෙනවා නම් පිටරටම තියන්න.
අපරාදේ, එහෙ තිබ්බා නම් තව කාලයක් රැකිලා තියෙයි...!
අවුරුදු ගණනාවකට කලින් හොරකමක් වුණා කටුගෙයි. කුඩුකාරයෝ දෙන්නෙක් අල්ලන් නැටුවා නාඩගමක්... ඒවාට මොකද වුණේ බල්ලෙක්වත් දන්නේ නෑ. දැන් මේවා ගෙනත්?
ඕකත් කන්ගැට්ටා අරගෙන යයි. ඕවා ඒ රටේ තියෙන එක හොඳ නැද්ද ලංකාවට ගේනවාට වඩා...!
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි ප්‍රබුද්ධ මහා ජාතියකට හිමිවිය යුතු පින්බිමක් වෙනත් ජාතියකට හිමිවීමේ පාපය තමයි අපි මේ ගෙවන්නේ.. ඔවුන්ගේ පිනටම ඒ යුගයේ මේ භූමියෙන් මුතු මැණික් පමණක් නොවෙයි, ඔවුන් පැලකරපු (හා මේ බිමේ ඉබේට පැල වුණු) හැම පැලයක්ම ආදායම් ඉපයීමේ මාර්ගයක් වුණා. ඒත්, අද මල් පැලයක් හිටෙව්වත් පණුවෝ කාලා ගහ මැරෙනවා. දැන් මේ භූමියට ස්වභාව ධර්මයේ ආශිර්වාදය හිමිවන්නේ නැහැ. රටේ ජනතාව ඒ තරමටම අධර්මිෂ්ඨයි. අපරාදේ! ඔවුන්ට අයිති ඒ පුරාවස්තු නැවත මංකොල්ල කරුවන්ට බාරදීම ගැන කණගාටුයි...!!
නෙදර්ලන්ත ජනතාවට ස්තුතියි... හැබැයි සැප්තැම්බර් මාසයෙන් පස්සේ මේවායේ ඉරණම දෙයියෝ දනී...
අයියෝ සල්ලි, අනේ සුද්දෝ ඔබලාම තියාගනිල්ලා... මොකද ලංකාවට ආවොත් රාජපක්ෂලා හොරකම් කරනවා වෙච්චි කෙරිච්චි දෙයක් නැති වෙන්න...
මේවා නැවතත් ලංකාවට ගෙන ආ එක නම් අපරාධයක්, මේවා වෙනුවට බොරු පුරාවස්තු තියා මේ පුරාවස්තු අතුරුදහන් වනු ඇත. ඒ අපේ රටේ හැටිය...
අනේ ඔය පුරවස්තු ඔහෝමම චීනෙට යවලා අපේ ණය ටිකක් අඩු කරගන්න බලපල්ලා... මිනිස්සු නොකා නොබී හූල්ල හූල්ලා ඉඳලා මැරිලා යන්නේ දේශපාලුවෝ හොරා කාපු ණය ගෙව්වාම අහිංසක මිනිස්සුන්ට දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ...
ඕවා ලංකාවට එවන්න එපා.. නාමල්ගේ ගෑණිට ඔය දියමන්ති මැණික් ඔබ්බලා වලලුමාල හදයි...!
රාජපක්ෂලාගේ පවුලට ගෑවිච්චි කෙනෙකුටවත් ඔය පළාතකට එන්න දෙන්න එපා. මතකයිනේ කටුගෙදර කඩුවලට වුණු දේ සහ කෝට්ටේ රජමහා විහාරයේ පුරාවස්තු වලට වෙච්චි දේ...
සුද්දෝ මිනිස් ඝාතන කරමින් රටවලට බලෙන් ඇතුළුවී පළමුව කරන්නේ ඉතිහාසය වෙනස් කිරීම, බලහත්කාරයෙන්, හොරකමින් පුරාවස්තු එම රටවලින් අරං යෑමයි, ලන්ඩන්වල කෞතුකාගාරයේ අපේ පුරාවස්තු ආපසු ගත යුතුයි... ඊජිප්තුව මිලකළ විශාල ප්‍රමාණයක් ඇත. වර්ණ භේදය ඉහවහා ගිය රටක ලැජ්ජාවක් තියෙනවා නම්? කලුජාතින් වන අපේ මිලකළ නොහැකි අපේ ඒවා අපට දිය යුතුයි.. මොවුන් කළ අපරාධම නිසා එම රටවල පවුල් සි සි කඩ, වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් ලංඩන්වල පමණක් පිහිවලින් ඇන තිහක් ඝාතනය කළා. ඒ අතරේ අහිංසක අපේ දරුවෙකුත්...
අනේ ඔය තිබුනු විදිහට ඔය දේවල් නෙදර්ලන්තයේ ම තියෙන්න අරින්න. අඩු ගානේ නෙදර්ලන්තයට හරි ගිහින් ඔරිජිනල් දේ දැක ගන්න පුළුවනි... ලංකාවට ගෙනාවොත් කාගේ හරි පෙරේත දේශපාලකයෙකුගේ ගෙදර ඔය දේවල් තියේවි...
මතකයිනේ කන් ගැට්ටෙක් කළ හදියක්... මෙහෙ ගෙනාවොත් මාසෙන් ඕක ආගිය අතක් නැතිවෙයි. ඕක නෙදර්ලන්තයේම තිබුණා නම් ජීවිත කලයම රැකගන්න තිබුණා...
නෙදර්ලන්තයේ තිබ්බා නම් ඒ ටික තවත් ආරක්ෂිතයි...
හිතන්නේ මේවා කොස් කොටන්න හදපු කඩු වෙන්න ඕනේ... නැතුව මැණික් ඔබ්බපු කඩු යුද්දෙට ගෙනයාවිද?
කවුද කන්ගැට්ටා...?