(ප්‍රේමතිලක පෙරමුණ,ලක්මි කුඩලිගම සහ සුමිත් පොතුපිටිය)

වෑන් රථයකින් පැමිණි පිරිසක් මීගහතැන්න  පැලවත්ත නගරයේ දී අද සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැලවත්ත පිටිගල පාර මිරිස්වත්ත ගොරකදූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිටිගල කන්කානම්ගේ සමන් හෙවත් 'ජින සමන්' නමින් හඳුන්වන අවිවාහක පුද්ගලයකු බව පොලීසිය පවසයි.

කකුලේ ඇති වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ආ අවස්ථාවේ සුදු වෑන් රථයකින් ආ පිරිසක් මෙම ඝාතනය කර පලා ගොස් ඇත.

පැලවත්ත නගරයට ආසන්න බෙහෙත් ශාලාවක් ඉදිරිපිට මෙම ඝාතනය සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය පිළිබඳව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක මහතා ඇතුළු පොලිස් අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූපය සුමිත් පොතුපිටිය)