
(රංජන් කස්තුරි, ෂේන් සෙනවිරත්න සහ ඩබ්ලිව්.ඒ අසේල)
ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද (16) මිය ගියාය.
හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට පෙර ලබාදී ඇත්තේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතය තහනම් කර තිබෙන ප්‍රමිතියෙන් බාල නිර්වින්දන එන්නතකැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවටත් ලබා දී තිබුණේ මෙම නිර්වින්දන එන්නතම බවද එම කාන්තාවද එන්නත ලබාගත් පසුව මියගිය බවද රෝහලේ අධ්‍යක්ෂවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රෝහල් අද රෝගීන් මරණ තත්වයට පත්වෙලා... සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය ඇමැතිගේ කාර්ය සාධනය අති විශිෂ්ඨයි...
සෞඛ්‍ය ඇමැතිවරයගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතුයි. මේ කාලකණ්ණි ආණ්ඩුව දැන් ජීවිතත් පැහැර ගන්නවා...
කෝ මේ රටේ සෞඛ්‍ය ඇමැති නිදිද? මේ යල්පැනගිය එන්නත් විදින බව හෝ ඔහු නොදන්නේද? සෞඛ්‍ය ඇමැති ලෙස පත් කරන්න ඕන සෞඛ්‍යය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්...
එතකොට මේ දොස්තරලා දැනදැනමද මේ තහනම් කළ බෙහෙත විද්දේ? මට මේ කතාව තේරෙන්නේ නැහැ. තහනම් කළ බෙහෙත විදලා රෝගියා මියගිය පසු ඒ රෝහලේම අධ්‍යක්ෂක මෙහෙම කතාවක් කියනවා. පිස්සුද මේ හැමෝටම..?
තහනම් කියලත් දන්නවා නම්... ගියපාර විදලත් මැරුණා නම්... ඒ එන්නතම විදලා ලැජ්ජා නැතුව මීඩියා ඉස්සරහට ඇවිත් ප්‍රකාශත් දෙනවා.. ඊයා..
පිටකොන්දේ කොඳු ඇට පෙළට යටින් ගහන එන්නතද?