(යොහාන් භාසුර)
පරිසර අමාත්‍යංශයේ නීති නිලධාරී තනතුර මාස 5 ක පමණ කාලය සිට පුරප්පාඩු වීම නිසා එම අමාත්‍යංශයට ලැබෙන අභියාචනා විභාග කිරීම ඇණහිට ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
නීති නිලධාරියෙක් බඳවා ගැනීමට කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අවස්ථා කීපයකදී අනුමැතිය ඉල්ලා සිටිය ද මේ දක්වා අනුමැතිය නොලැබුණු බව ද එම නිලධාරියා කීය.
කැනීම් බලපත්‍ර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අභියාචනා සහ පරිසර බලපත්‍ර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අභියාචනා රැසක් විභාගයට ගැනීමට නොහැකි වී ඇති බවත් අභියාචනා ඉදිරිපත් කරන ජනතාව ඒ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd