(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල් 63,820 ක පමණ අගයක බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදමෙන් සියයට පනස් තුනක් එනම් රුපියල් 40632ක මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ ආහාර සපයා ගැනීම සඳහාය. ඉතිරි රුපියල් 35,492 ක මුදල ( මුළු වියදමින් සියයට 47ක්) වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවද මහාචාර්යවරයා කීවේය.
මේ අතර ශ්‍රී ලංකාවේ පවුල් වලින් සියයට 60 කගේ මාසික ආදායම 2022 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේදී පහළ ගොස් ඇති බව එම සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ යැයි පවසන අතුකෝරළ මහතා ලංකාවේ විවිධ රැකියා කරන (ශ්‍රම බලකාය) සියයට විස්සකට ආසන්න පිරිසකගේ ආදායමෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් අඩුවී ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැයකරන මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇත්තේ ණය ආපසු ගෙවීම සඳහා බවත් එය ආහාර නොවන වියදම්වලින් සියයට 23 ක් බවත් ඔහු කීවේය.
එසේම ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් සියයට 14 ක් අධ්‍යාපනයටද සියයට 15ක් වෛද්‍ය සහ සනිපාරක්ෂක කටයුතු සඳහාද සියයට 13 ක් ඉන්ධන සඳහාද සියයට 10 ක් ඇඳුම් පැළඳුම් සඳහාද සියයට 6ක් ප්‍රවාහන වියදම් සඳහාද වෙන් කෙරෙන බව වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.5 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තාවීම හේතුවෙන් මේ උද්ධමනකාරී තත්වය මතුව තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පවුලක නඩත්තුවට 76 දහසක්
සල්ලි Saturday, 17 June 2023 12:37 PM
ආ ඒකට කමක් නෑ. අරගොල්ලන්ට 450,000ක විතර පඩි හම්බෙනවා. අපේ බදු සල්ලිවලින්, එයාලා සැපේ ඉන්නවනෙ ඒ ඇති අපිට...
රනේ Saturday, 17 June 2023 02:52 PM
අපිට මක්කක් වුණාම මොකෝ පනේ..
අනුර Saturday, 17 June 2023 07:15 PM
මෙයාලා ඉන්නේ ගල්යුගේ... අනේ අපි නොදන්නා ආච්චිගේ විජ්ජාව. බොරුබයිලා කියනවා.