(යොහාන් භාසුර)
මාර්ගයේ අලුත්වැඩියාව සඳහා වසා දැමූ අනුරාධපුර - ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාස නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය ජනවාරි මස සිට වසා දැමූ එම මාර්ගයේ කිලෝමීටර 62 ක් ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් කෝටි 3300 ක් වැයකරමින් අලුත්වැඩියා කළ බව කී එම නිලධාරියා අලුත්වැඩියාවෙන් පසුව එම මාර්ගයේ දුම්රිය ධාවනය පැයට කිලෝමිටර 100 ක පමණ වේගයෙන් ධාවනය කළ හැකි බව ද සඳහන් කළේය.
මාර්ගය විවෘත කිරීමෙන් පසුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය නැවත ආරම්භ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd