කෝටි 5කට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් මාට්ටු ටයිටේන් වර්ගයේ මිළ අධික වාලම්පුරික් රුපියල් කෝටි 5 කට අලෙවි කිරිමට සූදානම් කර සිටී පුද්ගලයෙකු නුවරඑළිය ගොරකාපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 April 2023
‘අජිත් රෝහණට එහෙම කියන්න බෑ‘ දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවැසීය. 26 April 2023
පුත්තලමේ නිවාස රැසක් සුළඟට යයි පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා 25 දින සවස හමා ගිය සුළඟකින් නිවාස රැසක් හා වගාබිම්,සත්ව ගොවිපලවල් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පවසයි. 26 April 2023
අජිත් රෝහණ ස්ථාන මාරුවට පයින් ගසයි වහාම ක්‍රියාත්මකවන පරිදි තමන්ව ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත. 26 April 2023
අද සවස දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 April 2023
තේ දළු කඩන්න ගිය කත මරා දමලා අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් තේ ඉඩමක තිබි අද (25) සවස සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි. 26 April 2023
වැස්ස ගුවන් යානා පහක් ප්‍රමාද කරයි කටුනායක ගුවන් තොටුපළ අවටට ඇද හැළුණු තද වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගත්තේය. 26 April 2023
ඕ.අයි.සීගේ ගමන වැළැක් වූ රාජ්‍ය ඇමැතිට එරෙහිව පැමිණිල්ලක් මීගමුව කොටසේ සිට ආනමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර් අබේනායක මහතාගේ එම පත්වීම ඉහළ බලධාරීන්ට බලපෑම් කර අත්හිටුවීමට කටයුතු කළේ යැයි කියන පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 25 April 2023
පොලිසියේ ලොක්කන් රැසක් එහෙට මෙහෙට මාරු කරයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට සහ තවත් උසස් පොලිස් නිලධාරීන් නිලධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 25 April 2023
නව සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 April 2023
මත්පැන් ජාවාරමා පොලිසියට මන්නෙකින් කොටන්න හදලා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ මත්පැන් ජාවාරම්කරුවෙකු අද 25 අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි 25 April 2023
විමල්ගේ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය එළිදක්වයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ‘ගෝල්ෆෙස් අරගලය’ පිළිබඳව රචනා කළ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පස්වරුවේ එළිදැක්වීය. 25 April 2023
බිත්තර වෙළෙන්දාට අපූරු දඬුවමක් ගැසට් කරන ලද මිලට වඩා රුපියල් 9 ක් වැඩිපුර බිත්තරයකින් අය කර විකුණමින් සිටි පිළියන්දල මොරටුව පාරේ වෙළෙන්දකුට එරෙහිව නීති මගින් කටයුතු කර එහි තිබූ බිත්තර තොගය නියමිත මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් අද කටයුතු කළේය . 25 April 2023
සහරාන්ගේ දුරකතනයේ දත්ත රට යැවුවේ ඇයි සහරාන්ගේ ජංගම දුරකතනයේ දත්ත පිටරට බුද්ධි අංශයකට ගෙනියන්න දුන්නේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ඒ දුරකතනයේ මේ ප්‍රහාරය ගැන බොහෝ රහස් තොරතුරු තිබෙන්නට ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 25 April 2023
උසස් පෙළ දරුවන් අමාරුවේ දාන්න එපා 2022 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වලින් ඉවත් නොවී උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු නිමා වන තෙක් සිය ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියා මාර්ග කල් දමන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනි විණිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය අද (25) විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලීමක් කළ බව එම කොමිසම කියයි. 25 April 2023
සිතුල්පව්ව ගිය බසයට ඇතා පහරදීලා රත්ගම සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට ගිය බස් රථයකට දළ ඇතකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලූම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ 25 April 2023
පාස්කු කොමිෂන් වාර්තාව රදගුරු සංගමයට බාර දෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා සම්පූර්ණ වාර්තාවේ පිටපත් රජය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයට අද බාර දුන්නේය. 25 April 2023
මහ බැංකු වංචාව සී.අයි.ඩීයට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ලඩය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 25 April 2023
සුඩානයේ සිරවී සිටින ලාංකිකයන් බේරගන්නවා සුඩානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා මුදා ගැනීම සඳහා ඉන්දියානු බලධාරීන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ’’ද හින්දු පුවත්පත’’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 25 April 2023
රුවන් ’’පෝට් සිටි’’ මව් සමාගමට යයි දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ චයිනා හාබර් සමාගමේ සභාපති ලින් යිචොං මහතා ඇතුළු නිලධාරීන් අතර හමුවක් චීනයේ දී පැවැත්විණි. 25 April 2023
ලංසාගෙන් ජවිපෙට අභියෝගයක් පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම විවාදයකට එන්නැයි ජවිපෙ අනුර කුමාර දිසානායකට හෝ විජිත හේරත්ට ආරාධනා කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 April 2023
ගිනිගත් නැවේ කප්පම් කරුගේ නම එළියට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 April 2023
ආහාර අවදානමෙන් ලංකාව ඉවතට ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත.ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරනු ලබයි. උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇත. 25 April 2023
අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් හදන්න කැබිනට් අනුමැතිය ඉදිරි වසර 25ක කාලයක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් මණඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. 25 April 2023
කුඩු සලිදුගේ ගෝලයෙක් ගිනි අවි සමඟ අල්ලයි පානදුර මූලික රෝහල ඉදිරිපිටදී කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු නයින් එම් එම් වර්ගයේ ගිනි අවි දෙකක් සමග පානදුර උයන්කැලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 25 April 2023
ආවට ගියාට බදු අඩුකරන්න බැහැ උපයනවිට බද්ද අඩුකරන්නැයි කුමනාකාර ඉල්ලීම් ආවද ඒවා ඉටුකළ නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි. 25 April 2023
ලෝයර්ගේ බල්ලා මැරුවැයි ලෝයර් අත්අඩංගුවට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නීතීඥ පුතෙකුගේ නිවසක සුරතලයට ඇතිකරන සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් අද (25) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 25 April 2023
වල් අලියා සිසුවිය රෝහලට යවයි වල් අලියකුගේ පහරින් පෙරළුණු බිත්තියකට යටවී පාසල් ශිෂ්‍යයාවක තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි මීගලෑව පොලිසිය කියයි . 25 April 2023
වරකාපොල තැපැල් කාර්යාලයේ මුද්දර-මුදල් සොරකම් කරලා වරකාපොල ප්‍රධාන තැපැල් කාර්යාලට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුද්දර සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය පරීක්ෂණ පවත්වයි 25 April 2023
උසස්පෙළ අවුල ගැන සුසිල්ගෙන් ප්‍රකාශයක් අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර (විෂය) දහයක ප්‍රධානීන් එම ප්‍රශ්න පත්‍ර බැලීමේ කටයුතු ඊයේ ( 24) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25)පැවසීය. 25 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026