(ෂේන් සෙනෙවිරත්න)

දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනය කළ යුධ හමුදා සොල්දාදුවකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසුවිය විසින් ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර යුද හමුදා සොල්දාදුවා සේවය කරන මින්නේරිය යුද හමුදා කදවුරේ තුන්වන ඉංජිනේරු සේවා මූලස්ථානයට  දැනුම් දීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකාර යුධ හමුදා සොල්දාදුවා කටුගස්තොට පොලීසියට භාර දී තිබේ.

අත්අඩංගුවට පත් යුධ හමුදා සොල්දාදුවා 23 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර පුරුන්දන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.