දරුවන්ගේ-කාන්තාවන්ගේ ගැටළු කියන්න දුරකථන අංක දෙකක් දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය ක්ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ. 15 November 2022
අයවැයට ඡන්දෙ දෙන්න වඩිවෙල් ගෙන් කොන්දේසියක් වතුකරයේ ජනතාවගේ පඩි සම්බන්ධයෙන් අයවැයේ එකම වචනයක්වත් නැතැයි ද වතුකරයේ ජනතාවට සාධාරණයක් ඉටු කර තිබුණා නම් තමා අයවැයට පක්ෂව අත් දෙකම ඔසවන බවද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
රැජින අතර මඟ නවති අනුරාධපුර සිට බෙලිඅත්ත බලා අද (15) උදෑසන 5.00ට ගමන් ඇරඹූ රජරට රැජිණ දුම්රිය ඉන්ධන කාන්දුවක් සිදුවීම හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වී ඇත. 15 November 2022
ජනතාව නිකං ඉන්නව නම් රාජ්‍ය සේවය කිරෙන් පෙරුවත් වැඩක් නෑ මහජනතාව වැඩ වැඩ කරන්නේ නැතිනම් කිරෙන් පෙරපු රාජ්‍ය සේවයක් හැදුවත් වැඩක් නැතැයි ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2022
රජිව් ඝාතනයෙන් නිදහස් වූ හතරක් යළි මෙරටට රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයට වැරදිකරුවන් ව නිදහස ලැබූ සයදෙනා අතර සිටින ශ්‍රී ලාංකිකයන් හතරදෙනා මෙරටට එවීමට කටයුතු කරන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 15 November 2022
සෞදි යන ඉංජිනේරුවන්ට දැනුම් දීමක් සෞදි අරාබියේ ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 15 November 2022
කාමරයේ ගැටළුව විසදේ: දුම්රිය වර්ජනය අවසන් දුම්රිය රියදුරන් පිරිසක් නවාතැන් සඳහා කාමර ඉල්ලා අද (15) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පස්වරු 1.30 ට අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 November 2022
ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි. 15 November 2022
ඇමරිකාවේ සෙනෙට් නියෝජිතයෝ පිරිසක් කතානායක හමුවෙති ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ (SFRC) කාර්ය මණ්ඩල සාමාජිකයෝ පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ. 15 November 2022
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය 15 November 2022
කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් සහ බහලුම් රථයක් අද (15) අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් ඇති විය. 15 November 2022
බඩගිනි මිනිහට බිලී කොක්කක් දුන්න අයවැයක් බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
හිරුණිකාට ඇප කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධාවක සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. 15 November 2022
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ලක්ෂ අනූවක් පවුලට මැයි මස 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. 15 November 2022
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනපු අයවැයක් ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
’’අයවැයට රෙදි ඇඳන් සහය දෙන්න බැහැ’’ ඩොලර් මිලියන 150ත් 300ත් අතර ප්‍රමාණයක් මාසයකදී අයුතු ආකාරයට මේ රටෙන් පිටව යන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) අනාවරණය කළේය. 15 November 2022
යූරියා ගොඩබෑම අරඹයි මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම හෙට (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 November 2022
රනිල්ට සියඹලාපිටියගෙන් ලොකු සහතිකයක් එක මන්ත්‍රී ආසනයක් තිබුණු පුද්ගලයකු රට වෙනුවෙන් අභියෝගය බාරගෙන ඉදිරිපත් වූ නිසා ප්රජාතන්ත්රවාදය තහවුරු කර ආර්ථිකය යම් මට්ටමකට ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 15 November 2022
ෂී ජින්පින් - බයිඩන්ට මූණටම කියයි ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. 15 November 2022
කාමරයක් ඉල්ලා දුම්රිය රියදුරන් ධාවනයෙන් ඉවතට දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් රියදුරන් කොටසක් සේවයෙන් ඉවත් වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය. 15 November 2022
’’කැලේ යාලුවෝ’’අවුරුද්දකට බිලියන 54ක් කති මෙරට වනසතුන්ගෙන් බෝගවලට සිදුවන වගා හානිය වසරකට රුපියල් බිලියන 54ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඇස්තමේන්තු අනුව සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 15 November 2022
ලෝකයේම වැඩිම දරිද්‍රතාවය ඇති කළේ ගෝඨාභය ලෝක ඉතිහාසයේ මෑතකාලීනව රටක වැඩිපුරම දරිද්‍රතාවය ඇති කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ අනුව ලෝකයෙන්ම හොඳටම කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2022
බීමත් රියදුරා මල් කැකුළක් බිලි ගනියි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණියක මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි 15 November 2022
මාදැල් ඇද්ද ධීවරයන්ට අකුණු සැර මාදැල් අදිමින් සිටි ධීවරයන් කීප දෙනකුට අකුණු සැර වැදී කම්පනයට පත්ව එක් අයකු මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 15 November 2022
අදත් සවස තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (15) දිනයේ ද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2022
සතියක් තුළ අකුරණ නගරය දෙවන වරටත් යට වෙයි මධ්‍යම කඳුකරය පුරා අද 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය. 14 November 2022
සිසු සිසුවියෝ පාර්ලිමේන්තු ගැලරියේ පිරෙති මුදල් ඇමතිවරයාගේ අය වැය යෝජනා ඉදිරිපත් කිරීම ශ්‍රවණය කිරීම උදෙසා ඉතිහාසයේ පළමු වතාවට පාසල් සිසුන් හා තරුණ කණ්ඩායම් වලින් පාර්ලිමේන්තු මහජන ගැලරිය අද (14) පිරී ඉතිරි ගොස් තිබුණි. 14 November 2022
අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නැහැ මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 14 November 2022
අධිවේගයේ සැප බස් ඉරිදා සිට වර්ජනයක සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා(20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය. 14 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026