ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක් අයි.එම්.එෆ් විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. 24 April 2023
මරදානට ලයිට් නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ මරදාන උප පොළේ විදුලි රැහැනක දෝෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත් එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (24) පස්වරුවේ පැවසීය. 24 April 2023
ජනපති අතින් අවුරුදු කුමරියන්ට තෑගි මැද කොළඹ, සුදුවැල්ල බක්මහ උළෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා වාර්ෂිකව මෙම බක් මහ උළෙල සංවිධාන කරයි. 24 April 2023
පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 April 2023
කටකතාවක් සෞඛ්‍ය නිලධාරීන්ට පීඩා කරයි නව සෞඛ්‍ය අමාත්‍යවරයකු පත්වන බවට විටින් විට පැතිර යන ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 24 April 2023
’’අපේ මහ සභාව නීත්‍යානුකූලයි’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැති මහ සභාව අදාල සියලුම පාර්ශව නියමිත පරිදි දැනුවත් කර ඉතාම නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව පැවැත්වූ බවත් එම රැස්වීමට හිටපු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ද ආරාධනා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (24) පැවසීය. 24 April 2023
රට බංකොළොත් වුණත් සාක්කු පිරෙනවා පීඩනයකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් මුදලට වඩා මුදල් ගැනීමට හැකියාව තිබියදී රජය ඒ සඳහා කටයුතු නොකළ බවත් ජනතාව වින්දිතයන් බවට පත්වෙමින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණ ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාරිලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය. 24 April 2023
සමෘද්ධියේ වාහන 33ක් කොට උඩ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාහන 146 කින් 33 ක් කාර්මික දෝෂයට ලක්වූ දීර්ඝ කාලයක සිට දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි හා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත රථ ගාලේ අනාරක්ෂිතව ගාල්කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 April 2023
දේශබන්ධු අත්අඩංගුවට ගන්න එපා: අතුරු නියෝගයක් ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (24) නිකුත් කර තිබේ. 24 April 2023
ගාථාව අමතක පොඩි සාදුට ලොකු සාදුලා දුන් දඬුවම බුද්ධ පූජාව තැබීමේදී ගාථා වැරැද්දුවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමනණේර හිමිනමකගේ වධ හිංසාවට ලක් වූ සාමනේර හිමි නමක පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි. 24 April 2023
සක් සුරින් යළි තායිලන්තයට තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතෙකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය සොයා බලමින් සිටින බවත් සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේ අදහස තායිලන්ත රජය ඉවත දමා නොමැති බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇත . 24 April 2023
පළාත් සභා පනත හෙට මැතිසබයට පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (25) ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා තීරණය කර ඇත. 24 April 2023
ඩයනා අල්ලනවාද නැද්ද අධිකරණය කියයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බැවින් එය සම්බන්ධයෙන් නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) දැනුම් දුන්නේ ය. 24 April 2023
බොරලැස්ගමුවේ ඝාතනයක් පුද්ගලයකු සිය මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර,බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් අයෙකු ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි 24 April 2023
රන් මිල පහළට ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 24 April 2023
වැස්සෙන් ආගරපතන සිංහල විදුහලට හානි නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඇද හැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහ විද්‍යලයේ පුස්තකාලයට සහ පන්ති කාමර කිහිපයකට දැඩි ලෙස හානි සිදු වි ඇති බව විදුහල්පති නලින් දර්ශන මහතා පැවසිය. 24 April 2023
දප්පුලගෙන් පෙත්සමක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. 24 April 2023
කූඩු වෙන්න සිටි යුවළක් ලොරියට යටවේ මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 24 April 2023
උතුරු මැද ගව රෝගයට හේතු සොයා ගනියි උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මේ දින වල ව්‍යාප්ත වන ගවයන්ගේ සම මතුපිට ගෙඩි හටගැනීමේ රෝගය බෝ වීමට හේතුව උතුරු පළාතේ සිට ගවයන් එහි රැගෙන ඒම බව පශු සම්පත් නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 24 April 2023
හම්බන්තොට පොළව සෙලවිලා හම්බන්තොට අම්බලන්තොට යන ප්‍රදේශ වලට දැනෙන සේ භූකම්පනයක් (23) රාත්‍රී සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති . 24 April 2023
ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්? ’එක්ස්ප්‍රස් පර්ල්’ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් ’බරපතළ අපරාධකරු’ වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි. 24 April 2023
සාගල රත්නායකගේ අත්සන ගැසූ අයි.පී .රිමාන්ඩ් රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් සහිත ලිපි දෙකක් වංචනික ලෙස සකසා එම ව්‍යාජ ලිපි දෙක උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළැයි කියන පොලිස් පරික්ෂකවරයකු මැයි මස 4 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය 23 April 2023
‘‘උසස් පෙළ දරුවන්ගේ ගැටළුව නම්‍යශීලිව අවසන් කරන්න‘‘ ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපහාස හා තර්ජන කිරීම නතර කොට රජය ඔවුන් සමග ගෞරවනීය එකඟතාවයකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 23 April 2023
උසස් පෙළ උත්තර පත්‍ර ගැන අනිද්දා තීරණයක් ගන්නවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනිද්දා (25) අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව එම සම්මේලනයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය. 23 April 2023
පාසලේ ගැමි ගෙදරට ගිනි තියලා මීගමුව කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේ අවුරුදු උත්සවය සැමරීම සඳහා මැටි ගසා පොල් අතු සෙවිලි කර ගැමි ගෙදරක ආකාරයට ඉදිකර තිබූ ගොඩනැගිල්ල කිසියම් පිරිසක් ගිනි තැබීම නිසා එම ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ගොස් ඇතැයි පොලිසිය පවසයි. 23 April 2023
අත හයි කරන්න තවත් සාකච්චාවක් හෙට තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස පක්ෂයට යළි එක් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තවත් සාකච්ඡා වටයක් අද(24) ආරම්භ කරන බව එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ. 23 April 2023
බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගේ වැඩතහනම් ඝාතන සිදුවීමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටින සැකකාර දරුවන් තිදෙනෙක්ට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අසළදී දරුවන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් බන්ධනාගාර වෑන් රථයට භාණ්ඩ තොගයක් පැටවූ බවට එල්ල වී ඇති චෝදනාව මත බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 23 April 2023
පළාත් හතකට රතු එළියක් පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක තුනකට මේ දිනවල බලපා ඇති උණුසුම මිනිස් සිරුරුට බලපෑම් වියහැකි නිසා අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 April 2023
ගැබිනි මවුවරුන්ට සෞඛ්‍ය අංශයෙන් උපදෙස් අධික උණුසුම හේතුවෙන් ගැබිනි මවුවරුන් දහවල් කාලයේදි අව්වට නිරාවරණය නොවී නිවෙසේම කාලය ගත කිරීම වැදගත් බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය. 23 April 2023
බහින් බස්වීම පිහි ඇනුමෙන් කෙළවර වෙයි ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි. 23 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026