(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිම ගැටුමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් තිබෙන බවට උලුප්පා පෙන්වන්නට සමහරුන් උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ ඔහුගේ පලපුරුද්ද අභියෝගවලට මුහුණදීමේ හැකියාව ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව මිස ආවට ගියාට නෙවෙියැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වනවිට ගෙන ඇතැයි ද රණතුංග මහතා කීය.
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාවගේ දැඩි විශ්වාසයක් පවතින බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වටේ ඉන්න කුක්කන් එහෙම කිව්වට රටම දන්නවා වෙන්නේ මොනවද කියලා ඒ නිසා මේ ගොන් තඩියා කියනව ඒවට කවුරුත් කළබල වෙන්නේ නැහැ.
අපිට වැඩකුත් නෑ බෝල ගම් කබරයෝ
එසේ ගැටුමක් නැති නිසාද අර මාවිල් ආරු එස් එම් චද්රසෙනත් සහ විමලවීර දිසානායකත් ඔවුන්ගේ දුක් ගැන ප්‍රසිද්ධියේ කිව්වේ. තවද ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නොවුනාට, රටේ ජනතාව එක්ක ලොකු ගැටුමක් තියනවා. චන්දයක් තිබ්බත් එක බලාගන්න පුළුවන්.
කප්පම්කාරයා කියන දේවල් කවුද විස්වාස කරන්නේ? පොහොට්ටුවෙ සමහර දූෂිත දේසපාලුවන්ට ඇමතිකම් නොලැබුනු නිසා අවුලෙන් ඉන්න බව දන්නෝ දනිති .
නැත්නම් ඇයි පුතලමෙ බූරුවට තදවෙලා කිව්වෙ
ඌරට ඉතින් කක්කුසි වලත් එකයි. මඩ වලත් එකයි . බාගෙන කනවා
සම්පූර්ණ ඇත්ත. සහයෝගෙන් වැඩේ දෙන්නේ... ලුණු දෙහි වගේ...
ඔක්කොම හොරු ඔක්කොම යාළුවො මල්ලි