(නිමල කොඩිතුවක්කු)
දේශපාලකයන් සහ ඔවුන්ට සම්බන්ධ පිරිස් හොරකම් කළ මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා යොදවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
හොරකම් මැරකම් අල්ලස දූෂණය නතර කර හොරු සියල්ල නීතිය හමුවට ගෙනවිත් දඩුවම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
නැවත වරක් රට බංකොලොත් වීමට ඉඩ දිය නොහැකි බවත් දැනුම කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් මගින් රටත් ජනතාවත් දිනවීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එළඹෙන ජුනි 23 වැනි දාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය සමරන බවත් ඒ වෙනුවෙන් රට පුරා අධ්‍යාපන, සෞඛ්‍ය, සංවර්ධන වැඩකටයුතු රාශියක් හුස්ම සහ සක්වල වැඩසටහන ත-ුළින් ක්‍රියාත්මක කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළත් බලයට පැමිණි පසු එය අමතක කළ බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ම රට දැනුමේ කේන්ද්‍රස්ථායක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ඔබතුමා ආදාර්ශමත් වෙන්න. තාත්තා හොරා කෑ දේපළ සහ ඔබතුමා නිධන් කඩා ඉපැයූ ධනය එම වැඩ සඳහා යොදවන්න...
දේශපාලුවෝ මහ පරිමාණ ගැහිලි ගහන්නේ, නීතිඥ උපදෙස් පවා ලබාගෙනයි. එබැවින් අධිකරණ ක්‍රියාවලියක් මගින් එවැනි අයථා ඉපැයීම් ආපසු අයකර ගැනීමට කටයුතු කිරීමෙන් ඵලක් නොවේ. ඒ සඳහා වැයවන රජයේ මුදල් සහ වටිනා කාලයත් මේ රට වැටී තිබෙන තත්වයෙන් මුදා ගැනීමට යෙදවීම වඩාත් උචිතයි. නැවත මහජන මුදල් ගසා කෑමකට ඉඩ නොලැබෙන ක්‍රම සහ විධි ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. ආදායම් බදු නීතිරීති පසුගිය වසර 50ක් දක්වාවත් ආපසු කාලයකටත් බලපාන පරිදි ශක්තිමත්ව නවීකරණය කිරීමෙන් මෙම හොරුන් බඩුත් සමග අල්ලාගත හැකිවනු ඇතැයි ඉඟියක් පලකිරීම වටී. මේ සඳහා ලංකාව සමග ගනුදෙනු කරන විදේශ බැංකුවල අවුරුදු 50ක කාලයක ගනුදෙනු ද විමර්ශනයකට ලක්විය යුතුයි. මේ ඒ සඳහා කාලය නොවේ.
හොරා කෑ මුදල් කියන්නේ කවුරු හොරා කෑ මුදල්ද? ඒ ටික කියන්න බය මිනිහද හොරා කෑ මුදල් ගැන කථා කරන්නේ...? දැන් අවුරුදු කීයක් තිස්සෙම ඔය පම්පෝරිය ගහනවාද? ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, ප්ලේන් පෙන්නන්න බැරි වුණු ඔයාලා කොහේද හලෝ හොරා කාපු සල්ලි හොයන්නේ...? නිකන් පව්නොදී ඉන්න.
හාරලා ගත්තු මුදලුත් ආපසු ලබාගන්න පුළුවන් නම් ගොඩම තමයි...
හොරකම්, මැරකම්, අල්ලස, දූෂණය නතරකර හොරු සියල්ල නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ගෝල්ෆේස් එකට ගෙනත් හොරුන්ට දඬුවම් දෙනවා කීව ජනාධිපති තුමියක් හිටියා බලයට ආවට පස්සේ එහෙම කෙරුවාද? රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළත් බලයට පැමිණි පසු එය අමතක කළ බවත්.....අපිට ඔබතුමාට කියන්න තියෙන්නෙත් එච්චර තමයි. බලය ගන්නකන් මිනිස්සු ගැන, රට ගැන පුදුම විදියට හිතන්නේ. ආවාට පස්සේ කේවට්ටයින්ගේ ඇල්ලේ නටනවා. බලය තියෙනකොට මොළේ නෑ. මොළේ තියෙනකොට බලේ නෑ. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම එකතු වුණත් 50%ක් ගන්න බැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. ඒක දැනගෙනත් වෙන අලුත්, මිනිස්සු කැමැති, රටට ආදරේ ඇති, කෙනෙක් තෝරාගන්න මිනිස්සුන්ට අවස්ථාවක් නොදී බලෙන් රැඳිලා ඉන්නවා. කාටද මේවා රටේ මිනිස්සු කියන්නේ. මිනිස්සු පුදුම විදියට අසරණවෙලා ඉන්නේ...
ඒක හොඳයි, ගෙදරින්ම වැඩ පටන්ගත්තැකි...
අනේ මන්දා, මේ නම් හැදෙන මිනිහෙකුත් නොවේ. කවදාවත් ජනාධිපති වෙන කෙනෙකුත් නොවේ...
අනේ පවු පුතාගෙ හීන කවදා සැබෑවෙයිද