
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයේ දී ඉන්දියාව ලබාදුන් ක්‍රියාකාරී සහාය ඉතාමත් වැදගත් වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පැවැසුවාය.
වොෂින්ටනයේ පැවති එක්සත් ජනපද සහ ඉන්දියානු ව්‍යාපාරික කවුන්සිල සමුළුවේදී යෙලන් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
පසුගිය මාස හයක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රගතියක් ලබා තිබෙන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය සාර්ව ආර්ථික වර්ධන වේගය සහ ස්ථාවරත්වය අවදානමට ලක් කරන බවත් යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.
ණය අර්බුදයට මුහුණ දී සිටින රටවලට අවශ්‍ය වේලාවට පුළුල් ණය සහන ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇතත් ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි අවස්ථාවේදී සහාය වීමට අවශ්‍ය ක්‍රියා ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් යෙලන් මහත්මිය එහි දී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය වීම සඳහා ගත් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ඉතා වැදගත් වූ බව යෙලන් මහත්මිය එහි දී පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබලත් සහයෝගයක් දීපල්ල, වෙන රටවල් පසසුම් කරන්නෙ නැතුව...කුනු හැත්ත