පොහොට්ටුවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්වූහ. 22 April 2023
ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රී පැමිණ තිබේ. 22 April 2023
තහනම පැත්තකට දමයි:අමාත්‍යංශයට පිරිසක් බඳවා ගන්න යයි රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 22 April 2023
බිරිය පැහැරගත් සැමියා අත්අඩංගුවට හලාවත මානුවන්ගම ප්‍රදේශයෙදී පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සමග ඇය පැහැර ගැනිමට සිදු කළ සැමියා 22 දින හලාවත පොලිසියට බාර වු බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 22 April 2023
මැතිසබයට එළු මස් නවතී මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට එක් කෙරුණු එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 22 April 2023
රාමසාන් උත්සවයට දැඩි ආරක්ෂාව අකුරණ ප්‍රදේශෙය් මුස්ලිම් පල්ලි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබී තිබූ තොරතුරක් අනුව අකුරණ ප්‍රදේශයේ සියලු පුස්ලිම් පල්ලි වෙත පසු 18 වනදා සිට මේ දක්වා පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි. 22 April 2023
නඩු බඩු ගබඩාවෙන් ගෑස් සිලින්ඩර 54ක් සොරාගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගෑස් සිලින්ඩර 54 ක් කිසිවකු විසින් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 22 April 2023
රාමසාන් අදයි මෙරට ඉස්ලාම් බැතිමතුන් රාමනාස් උත්සවය අද සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. 22 April 2023
15 සිසුවා වෙඩි තබාගෙන අම්පාර බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ තිබූ බොර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි බණ්ඩාරදූව පොලිසිය පවසයි. 22 April 2023
ජනපති උපදේසකගේ අත්සන හොරට ගැසූ පොලිස් පරීක්ෂක මාට්ටු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 April 2023
චක්කරේ පාඩම් නොකළාට ඉදල් මිටෙන් ගහලා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි පාසලක අටවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක චක්කරේ පාඩම් නොකිරීම සහ පැවරූ වැඩ නොකළැයි කියමින් ඉදල් මිටකින් පහර දී ඇතැයි පොලිසිය කියයි. 22 April 2023
මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩ නගනවා මව්බිම සමෘද්ධිය කරා ගෙන යන අතර නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 21 April 2023
පාස්කු බෝම්බ සැකකරු ගැන ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කරමින් සදහන් කළේය. 21 April 2023
69 මව මරා මාලයයි කරාබු ජෝඩුවයි පැහැර ගනී නුවරඑළිය, ලිදුල වෝල්ට්‍රිම් වත්තේ නිවසක පදිංචිව සිටි හැට නම හැවිරිදි කාන්තාවක් අද කිසිවකු ඝාතනය කර ඇය පැලඳ සිටි රන් මාලය හා කරාබු ජෝඩුව පැහැරගෙන පලාගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසයි. 21 April 2023
ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිට ලියයි යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 21 April 2023
හිටපු නීතිපති 24 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට? පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන (24) සදුදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 21 April 2023
දර්ශන හදුන්ගොඩට එරෙහිව සී.අයි.ඩී පරීක්ෂණයක් මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 21 April 2023
බිරිය සමඟ තරහ වී සැමියා ගෙට ගීනි තබයි අඹු-සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිණි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් අද (21) ගිණි ගෙන විනාශ වී ඇතැයි එප්පාවල පොලීසිය පවසයි. 21 April 2023
උ.පෙ දෙමළ පිළිතුරු පත් බැලීම අරඹයි උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි. 21 April 2023
උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 49.2 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස මෙරට උද්ධමනය සියයට 4.4 කින් පහල ගොස් තිබේ. 21 April 2023
ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. 21 April 2023
පාසල් පෙළ පොත් - නිල ඇඳුම් මැයි 15 වෙන් බෙදා අවසන් සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පෙළ පොත් සහ පාසල් නිල ඇඳුම් මැයි මස 15 වැනිදා වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 April 2023
පළාත් දෙකකට නව ලේකම්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කර තිබේ. 21 April 2023
මුං වගාව ගින්නෙන් බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙල්යායක ඉපනැල්ලට තැබූ ගින්දර නිවීමට එහි ගිය ගොවියකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි. 21 April 2023
ලොව අර්බුදයට විසඳුම බුදුන් වහන්සේ ළඟ බුදුන් වහන්සේට ප්රකාශනයට එහා ගිය විඥානයක් ඇති බවත් බදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. 21 April 2023
වතුකම්කරුවන්ට සුභ ආරංචියක් වතුකම්කරුවන් දෛනික නෙලන තේ දළු ප්‍රමාණය මත ඔවුන්ට වැටුප් ලබාදීම හෙවත්‘‘ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය‘‘ ක්‍රියාත්මක කළ හොත් කම්කරුවකුට දිනකට රුපියල් 3000ක වැටුපක් ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. 21 April 2023
බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 21 April 2023
ණය සැලැස්ම වැඩි දෙනෙක් පිළිගෙන නෑ දේශීය ණය හිමියන්ට සිය ණය ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවස්ථාව ලබා දීමේ ශ්‍රී ලංකාවේ සැලැස්ම පිළිගෙන ඇත්තේ කීපදෙනකු පමණක් බව බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දී ඇත. 21 April 2023
ප්‍රතිජීවක නැතිව සීදුව රෝහල ලෙඩ වේ සීදූව විජය කුමාරතුංග රෝහලේ පවතින ප්‍රතිජීවක ඖෂධ හිඟය නිසා බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම නවත්වන ලෙස රෝහල් අධ්යක්ෂ ඩී.සී.ඒ. රණවීර මහතා රෝහලේ වෛද්‍යවරන් සහ හෙද කාර්ය මණ්ඩලය ලිඛිතව උපදෙස් දී ඇත. 21 April 2023
සැමියා බිරිය පැහැරගනී මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 21 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026