IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කළුතර ලාදුරු රෝගීන් වැඩි වීමක්

(සුමිත් පොතුපිටිය)

කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය. 

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කීපයකින් ලාදුරු රෝගීන් වාර්තාවී ඇතැයි ද ඔහු කියයි.

පානදුර , වාද්දුව , හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කාර්යාල ගණනාවකින් රෝගීන් වාර්තා වන බව සදහන්වේ.

හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරති.

මේ සම්බන්දයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සදහා කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කාර්යාලය විශේෂ රැස්වීමක් කැදවීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ

මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශකයෙක් සදහන් කළේ රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන බවත්. එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරයින් පත්කර ඇති බවත්ය.

සම මතුපිට හැගීම් නොදැනෙන ලප දක්නට ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමුවන ලෙසත් ලාදුරු රෝගය නිට්ටාවට සුවකල හැකි බවත් ප්‍රකාශකයා පැවසීය.

 



අදහස් (0)

කළුතර ලාදුරු රෝගීන් වැඩි වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site