
(සනත් ගමගේ)
අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
කිඹුලාගේ ගොදුරක් වූ ගුරුමව ඩැහැගෙන යද්දී අවට සිටි පිරිස් කෑකෝ ගැසීම නිසා කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව ප්‍රදේශවාසීන් එක්ව මිය ගිය විශ්‍රාමික ගුරුවරියගේ සිරුරු ගොඩ ගෙන ඇත.
කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගියේ පී. සමරසිංහ නම් 75 වැනි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියකි.
ඇය අම්බල්නතොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයකුගේ බිරිද බවද පොලීසිය කියයි.
මිය ගිය ගුරුවරියගේ සිරුර අම්බලන්තොට වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරීක්ෂණය මේ වන විට සිදු කරමින් තිබේ.

2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලවේ ගඟේ කිඹුලා විශ්‍රාමික ගුරුමව ඩැහැ ගනී