IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආසියාවේ විශිෂ්ඨ විද්‍යාඥයන් 100 අතරට අපේ සිවු දෙනෙක්

ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව, මෙම 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු ඇතුළත්ය.

සාගර ජීව විද්‍යාඥවරියක මෙන්ම, ‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘ ආශා ඩි වෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග ශ්‍රී ලංකාවෙන් එම ලැයිස්තුවට ඇතුළත් වූ විද්‍යාඥවයන් සිවුදෙනාය.

ආශා ඩි වෝස් නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික විද්‍යාඥවරියයි.

ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර, එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයාය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබේ. චතුරංග රණසිංහ 2022 වසරේ 7 වැනි ෂෙයික් ෆහ්මද් හිරෝෂිමා - ආසෙියා ස්පෝට්ස් ඇන්ඩ් මෙඩිසින් සම්මානයෙන් පුදුම් ලැබ සිටී. මෙම සම්මානය වසර හතරකට වරක් ආසියාවේ වෛද්‍ය විශේෂඥයකුට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලැබේ.

කාර්මික සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් අශානි සවින්ද රණතුංග 2022 වසරේ 'ඕඩබ්ලිව්එස්ඩී-එල්ස්වයර්' පදනමේ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ආසියාවේ විද්‍යාඥයන්ගේ නව නිපැයුම්, ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ, ඔවුන් විද්‍යාවට කරන සේවය ඇගැයීමට ලක් කරන්නේත්, ඔවුන්ගේ දස්කම් විස්කම් ලොවට පවසන්නේත් ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාවය‍.

සම්මානවලින් පිදුම් ලැබ ඇති ‘ඒෂියන් සයන්ටිස්’ සිංගප්පූරුවේ 'වයිල්ඩ් ටයිප් මීඩියා ගෲප්' මාධ්‍ය ජාලයට සම්බන්ධය.

 



අදහස් (3)

ආසියාවේ විශිෂ්ඨ විද්‍යාඥයන් 100 අතරට අපේ සිවු දෙනෙක්

CHANDIMA Monday, 12 June 2023 08:32 PM

ඒ කියන්නේ ළඟදීම මේගොල්ලන්ට වීසා දීලා සුද්දෝ ඒ රටවල් වලට ඇදලා ගනීවි...?

:       0       1

Prabha Monday, 12 June 2023 09:59 PM

අර නාථ දෙවියන්ගෙන් උපදෙස් ගන්න විද්‍යාඥ නඩියා ?

:       4       3

LGP. JATHUNARACHCHI. Tuesday, 13 June 2023 06:20 AM

ඔවුන් සියලු දෙනාටම සුබ පැතුම් !!!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site