කෝටි ගණනට සිංහල දරුවන් යුරෝපයට පටවයි ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා ප්‍රකාශ කර ඇත. 20 April 2023
ගිගාවොට් 50 ක ඉහළ විදුලි ඉල්ලුමක් මෑතකදී වාර්තා වූ ඉහළතම විදුලි ඉල්ලුම ලෙස ගිගාවොට් 49.53 ක ඉල්ලුමක් ඊයේ (19) වාර්තා වූ බවත් අද (20) දිනයේ ගිගාවොට් 50 කට අධික ඉල්ලුමක් ඇස්තමේන්තු කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 20 April 2023
මඩු කැලේ අතුරුදන් වූ කොස්තාපල් හමුවෙයි දර කැපීම සදහා මන්නාරම මඩු රක්ෂිතය තුළ ට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයා මීට සුළු මොහොතකට පෙර සොයාගෙන ඇත. 20 April 2023
ඉඩම් ආරවුල දුර දිගගොස් උදලු පහරින් මස්සිනා මරුට ඉඩම් ආරාවුලක් දුරදිගයාමෙන් 60 හැවිරිදි සොයුරා විසින් සිය වැඩිමහල් සොයුරියගේ 74 හැවිරිදි සැමියාට උදැල්ලකින් පහරදි ඝාතනය කොට ඇතැයි ගල්නෑව පොලිසිය කියයි. 20 April 2023
කොඩිකාමම් ට්‍රැෆික් ලොක්කා රිය අනතුරින් මරුට කොඩිකාමම් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ දී ඊයේ 19 වෙනිදා රාත්‍රී 10ට පමන පමණ සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 20 April 2023
අරගල සමයේ පොලිස් රියකට ගිනි තැබු 3ක් අල්ලයි අරගල සමයේ ඉකුත් මැයි මස 09 දින මරදාන පංචිකාවත්ත ප්රදේශයේදීයි පොලිස් මෝටර් රථයකට පහර දී එහි කොටස් ගලවා ගිනි ගිනිතබා අනර්ථය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 20 April 2023
යේමනයේ තෙරපීමකින් 85ක් මරුට යේමනයේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් 85 දෙනකු මියගොස් 322 කු තුවාල ලබා ඇතැයි හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත. 20 April 2023
බණ්ඩි පොහොරවලට සහනයක් මෙවර යල කන්නයේ වී වගාව සඳහා MOP හෙවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 20 April 2023
බර අනුව බිත්තරේට මිලක් බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 20 April 2023
රිලව් කතාවට උත්තර දෙයි ලංකාවේ රිලවුන් ලබාදෙන්නැයි ඉල්ලීම පැමිණියේ චීන ජනරජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 20 April 2023
පොටෝ ශාලාවේ හොර සල්ලි අච්චු ගහලා අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුල රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට ගත් බව පොලීසිය කියයි. 20 April 2023
ඇමෙරිකා සමාගම ගිනුම් අටක් අත්හිටුවයි මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය. 20 April 2023
දර කඩන්න ගිය කොස්තාපල් අතුරුදන් මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්‍ය දර කඩා ගෙන ඒමට අද 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් කොස්තාපල් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. 19 April 2023
මහ පාරට වැටුණු මව් සෙනෙහස මහමඟ දමා ගිය වයෝවෘද්ධ මවක ප්‍රදේශවාසීන් විසින් කවා පොවා නහවා අලුත් ඇඳුම් ද අන්දවා පොලිසියට බාරදීමේ සිද්ධියක් මිද්දෙනිය තබලපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 April 2023
හිටපු නීතිපති දප්පුලගෙන් පිටු හතක විරෝධයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අද (19) පෙරවරුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී නොසිටියේය. 19 April 2023
අලුත් ඕ.අයි.සීට රාජ්‍ය ඇමැති හරස් වේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ එම පත්වීම පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත (19) අත්හිටුවා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. 19 April 2023
‘‘ගුරුමාරු අවලංගු කරන්නේ නෑ‘‘ ගුරුවරුන්ගේ ස්ථානමාරු විධිමත් ගුරුමාරු මණ්ඩල මගින් සිදුකර ඇති බවත් එම මාරු කිසිසේත් අවලංගු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය. 19 April 2023
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අද (19) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇති වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 19 April 2023
අරගලයේ ක්රියාකරුවකුගේ සිරුරු බෝඩිමෙන් හමු වේ අරගලේ ප්‍රධාන ක්රියාකරුවකුගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මුල්ලේරියාව බෝඩිමකින් සොයාගත් බව මුල්ලේරියාව පොලීසිය කියයි. 19 April 2023
උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයිමට ජනපති අත ගසයි උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. 19 April 2023
අධිවේගීයේ අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයට අවසර ඉල්ලයි අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 19 April 2023
නාවික හමුදාපති රුවන් හමුවෙයි දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 19 April 2023
ගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසිය. 19 April 2023
අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 19 April 2023
මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි. 19 April 2023
ඉන්දියාව චීනය අභිබවයි ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ. 19 April 2023
කාදිනල් අගවිනිසුරුද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 19 April 2023
පුංචි ඡන්දය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක් පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 19 April 2023
මහනුවර බාලිකාවේ වංචාව සොයන්න කමිටුවක් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත්කොට තිබේ . 19 April 2023
රිලවුන් රැක ගන්න ඉන්දියාවට ලිපියක් ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට විකිණීමට දරන වෑයමට ඉඩ නොදෙන්නැයි ශ්‍රී ලංකාවේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවා තිබේ. 19 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026