(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුව වෙලාවට මැතිවරණ තියාවි. මොන මැතිවරණය ආවත් අපි ඒ එන ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය ආවත් ගැටලුවක් නැහැ.
විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත තවමත් දැක නැති බවයි.
"දැන් ඉතින් තියෙන්නේ නිදහස් මාධ්‍යයක් නේද" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ වැටි වැටි මේ නාඩගම තවත් ඡන්ද ගැන නේ කතාව... අනේ හලෝ යන දිහාවකට වැඩක් කරගන්න. වාරු නැති වෙනකන් මේ කාලේ හොර වැඩ නිසා..
රෙද්ද අපුල්ලලා ඇඳගෙන වගේ...? ඒ වුණාට ඕඩිකොළොන් ටිකක්වත් ගහගන්න.
ඕනෙම ඡන්දෙකට සූදානම් ඇති... නමුත් ප්‍රතිඵල ලැබෙන විට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ...
එන්න එන්න අනිවාර්යයෙන්ම දෙනවා ඉතුරු ටිකත් හොරකම් කරන්න... මොකද තව තියනවා ටිකක් ඉතුරුවෙලා මෙදාපාර තොපිට ලස්සනට ඡන්දෙ දෙනවා සක්කිලි හැත්තට...
ඔව් ඔව් අපිත් රෙඩි වෙලා තමයි මේ ඉන්නේ. කෝ ඉතින් පුංචි චන්දෙවත් තියන්න ඔහෙලාට පුරුෂ ශක්තියක් නැහැනේ. බුද්ධි අංශ කිව් දේවල් අමතකද? 54% කට වඩා අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ගන්නා බව? ඒ කට්ටිය අනිවාර්යයෙන්ම බලයට එනවා, ආවාට පස්සේ ඔහෙලා වගේ හොරු ඔක්කෝටම යන්න වෙන්නේ කූඩුවටම තමයි. හැබැයි කූඩුවට ගියාට .. උදේට කට්ටියම මහපාර අතුගාන්න ඕනෑ. ප්‍රසිද්ධ කක්කුස්සි හෝදන්න ඕනෑ. ඊටපසු දවල් ආහාරය... පරණ පාන් බාගයයි කිරි හොදියි. දවල් 2 ඉඳලා හවස 5 වෙනකම් පොලිසියේ, හමුදාවල අයගේ ඇඳුම් හෝදලා, වේලලා අයන් කරන්න ඕනෑ. රාජපක්ෂලා ඇතුළු පවුලේ ඔක්කෝටමත් අනිවාර්යයෙන්ම ඔය ඉහත කිව් රාජකාරි කරන්න වෙනවා...
මේ මිනිස්සු මැරෙන්නේ නැද්ද? මෙච්චර බල තණ්හාව... පැත්තකට වෙලා පාඩුවේ ඉන්නකෝ. ලබන ආත්මෙවත් හොඳ තැනක ඉපදෙන්න බලාගෙන...
ඡන්දෙට බයේ ආණ්ඩුවත් කතාවෙලා ඡන්ද කල්දාන ගමන්, මාධ්‍යයට කියනවා අපි ලෑස්තියි හෙට වුණත් කියලා පච කියනවා.
දේශපාලනයේ "sense of humour" කියන දේ ඉහළින්ම තියෙන වර්තමාන දේශපාලනඥයා තමයි මහින්ද රාජපක්ෂ. දැන් බලන්න "sense of humour"ගෑවිලාවත් නැති ජේවීපී අප්පුහාමිලා සහ සජබ භක්තිකයින් ආවේශවෙලා මහින්ද මහතාට අවලාද නගන හැටි මේ කතාවට.
'ලැජ්ජා බිමේ' යෙදුමේ සංකේතය...!
රටම හොරාකාලා විනාශ කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු, අපිව හිඟාකන ජාතියක් බවට පත්කරපු දූෂිත පවුල් පාලනේ අය සදහටම හිරගෙදර ඉන්න ඕනෑ... බලතණ්හාවෙන් පිස්සු වැටිලා... ආසියාවේ ආශ්චර්ය පෙන්නුවා මදිද? හොර දූෂිතයින්?
දැන් ඡන්දයක් තිබ්බොත් ඔය හුඟ දෙනෙක්ට යන්න වෙන්නේ එක පයින් තමා...
ඔබ පමණයි රටේ සංවර්ධනයට යමක් කළේ... 3% කළේ රට විනාශ කළ එක විතරයි. ඔබතුමාට ජයෙන් ජය..
අපේ පුංචි රටේ අවසානය ගැන බලාපොරොත්තු!!!!
වැටි වැටී මේ එන්නේ... කොස්ස ගනිව් එළවන්නට. වලපල්ලට ගියත් හොරා කාලා ඔවුන්ටම කන්න දෙන්න වෙයි. ලැජ්ජාවක් තියෙනවා නම් ඡන්දෙ ඉල්ලන්න එයිද? රට වෙනුවෙන්ද එහෙම නැතිනම්.... මොලේ නැති. පවුල් වෙලා ඇති පුත්තු වෙනුවෙන්. හොරාකාපුවා බලන් ඉද්දී ඉවර ඇති. මොලයක් නැහැනේ... ඒවා පාලනය කරගන්න. අර ළඟදී කියලා තිබුනේ පත්තරේට. දුන්න බලයෙන් වැඩක් කරන්න බැරි වුණා කියලා. දැන් එන්නේ වැඩ පෙන්වන්නද? නැතිනම් පීචන් වෙන්නද? හොර පත්වීම් වලින් දොස්තර වෙලා හිටියා නම්... මුන්දෑ ගෙදරට වෙලා ඉන්නවා. ඔවුන්ට මේ ලොකේ උගත්කමක් නැහැ. මහ එකාවගේ හොරා කන්න... හොරාකලා හැංගෙන්න දන්නේ. අන්ජනමක් එහෙම බැලුවද වැඩ අල්ලන්න කලින්. මහසෝනා ළඟදීම. අඩ ගහන මූණක් පේන්නේ...
එක් පයින්ම සූදානම් කිව්වාට දෙපයින් හිටගෙනත් දෙපසින් දෙදෙනෙක් අත්දෙක අල්ලාගෙන නැත්නම් ඇවිදගන්නත් බැරුව කයිවාරු ගැහුවාට වැඩක් නැහැ. කියන්න දෙයක් නැහැ. තමුන්ටම තේරෙනවා නේද මොනවා කිව්වත් පරාජයට පත්වෙලා හිතේ දුකින්ම තමයි ඔහේට යනතැනකට යන්න වෙන්නේ කියලා. හිතේ දුකින් දෙව්ලොව යන්න නම් බැරිවේවි..
දැන් මොන ඡන්දද? කරපු පව් ගෙවන්නවත් හතර පෝයට සිල් අරන් පිනක් කරගෙන පරලොව මෙනෙහි කළා නේද හොඳ...?
තියන්න ඡන්දයක්, අපිත් ලෑස්තිවෙලා ඉන්නේ ඔයගොල්ලෝ සදහටම බලයෙන් පහකරලා දාන්න.
රාජපක්ෂ වහලුන් හිතන්නේ විරුද්ධ හැම අදහසක්ම ජවිපය කියලා... මොවුන්ගේ පහත් මානසිකත්වය තේරෙනවා නේද?
හාල්මැස්සන් කිලෝව 2000යි. අපිට තියන ප්‍රශ්න මේ අයට නෑ. එයා සැපේ. එයාගේ ළමයි සැපේ. ළමයින්ගේ ළමයි සැපේ. දැන් අර චන්ද්‍රිකාව වැඩද? ඒකෙන් ලාභ උපයනවද?