(රංජන් කස්තුරි)
මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ස්‍යාව 19කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. මන්ත්‍රී සංඛ්‍යාව 4කි.
ගම්පහින් 18ක්, කළුතරින් 10ක්, මහනුවරින් 12ක්. කුරුණෑගලින් 15ක්, රත්නපුරයෙන් 11ක්, ගාල්ලට නවයක්,මාතලෙන් 5ක් නුවරඑළියෙන් අටක් මාතරින්, හම්බන්තොටින්,දිගාමඩුල්ලෙන් සහ යාපනයෙන් හත බැගින් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් හයක්, මඩකළපුවෙන් පහක්,පුත්තලමෙන් අටක්, අනුරාධපුරයෙන් නවයක්, පොලොන්නරුවන් පහක්, බදුල්ලෙන් නවයක් මොනරාගලින් හයක් සහ කෑගල්ලෙන් නවයක් ආදි වශයෙන් තෝරාපත් කර ගැනෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර දිස්ත්‍රික්කයේ එකොළහයි, කෑගල්ලෙන් නවයයි කලකට පෙර තිබුණෙත් එහෙම තමයි.. ඒත් හිටපු මහඇමැති මහීපාල කෑගල්ලෙන් පත්වෙලා ඡන්ද දායකයින් වැඩි භූමි ප්‍රදේශය වැඩි කෑගල්ලේ කියලා රත්නපුර ජනතාවට කුඩම්මාගේ සැලකීමක් තමයි කළේ...
කවුරු කොහොම දිස්ත්‍රික්කයෙන් පත්වුවත්, රට විනාශ කළ අලියන්ට, කපුටන්ට සහ පොහොට්ටුවන්ට නම් හැංගෙන්න ඉඩ නැතිවෙයි.
ඡන්දය තියන්නේ නැතිව තේරෙන මන්ත්‍රීලා ගණනින් ඇති ඵලය කිම...?