(ඩී.ජී.සුගතපාල)
අ.පො.ස විභාගයට පෙනි සිටිමෙන් පසු සංචාරයක් සඳහා පැමිණ හබරාදුව තල්පෙ කහවැන්නගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුවකු අද සවස දියේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලි අතුරුහන්ව ඇත්තේ කුරුණෑගල නයිලිය පහලගම බොයගනේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා ඇතුලු 41 දෙනකුගෙන් යුත් සිසුන් සහ මව්පිය කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ගුරුවරයකු සමග සංචාරයක් සඳහා ගාල්ලට පැමිණ ඇත.
එසේ පැමිණ අද සවස තල්පේ ප්‍රදේශයට පැමිණ මුහුදේ නාමින් සිටියදි මෙම සිසුවා දියේ ගිලි අතුරුදහන්ව ඇත.
නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් දිය් කර ඇතත් මේ වනතුරු සිරුර සොයා ගැනිමට නොහැකිවි ඇත. නාවික හමුදා නිලධාරියකු පැවසුවේ මුහුදේ ප්‍රචණ්ඩත්වය නිසා කිමිදිමට අපහසුවක් ඇති බවය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාපෙළ අවසානයේ චාරිකාව මළගමක් වේ
ගමේ එකාලා Saturday, 10 June 2023 07:12 PM
අවදානම් බව දැන දැනත් පීනන්න යනවනනේ. හැමදාම පීනන්න ගිහින් සිදුවෙන අනතුරු ගැන කොතෙකුත් අහන්න ලැබෙනවා. විනෝද චාරිකාව සංවිධානේ කරපු අය ඔක්කෝටම හපන්...?
Piyal weerasinghe Saturday, 10 June 2023 08:20 PM
මොනතරම් මාධ්‍යවලින් උගුර ලේ රහ වෙනකම් කියනවා මේ දවස් වල අනතුරු ඇති තැන්වල නාන්න එපා කියලා. මේවාට වග කියන්න ඕනෑ සංවිධානය කරපු වැඩිහිටියෝ...