රුසියන් යානාව රුසියාවටම බෝම්බ ගහයි රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් අත් වැරදීමකින් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. 21 April 2023
කම්කරු කොමසාරිස්ට අධ්‍යක්ෂක තනතුරක් කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කර තිබේ. 21 April 2023
ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවතට ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායාමාත්‍ර නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත්කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 April 2023
’’පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි’’ පාස්කු ඉරුදින ප්‍රහාරයට තමා වරදකරුවකුවී නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 April 2023
පාසල් ’’කූල්’’ කරන්න මාර්ගෝපදේශ මාලාවක් උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත. 21 April 2023
උප්පැන්නය නැති අයටත් ජාතික හැදුනුම්පතක් උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය. 21 April 2023
තල්මස් වමනය සමග අයකු අල්ලයි තල්මසුන්ගෙන් ලබා ගන්නා මිළ අධික අම්බර් (තල්මස් වමනය) කිලෝ 15 ට ආසන්න ප්‍රමාණයක් පන්නිපිටිය නියදගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 21 April 2023
වටිනා වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා මාට්ටු මිල කළ නො හැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටි බව කියන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සත්ව අඩවි සහකාරවරයෙකු අද(21 ) අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි. 21 April 2023
පාස්කුදා ප්‍රහාරයට වසර 4යි පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට අදට (21) වසර හතරක් සපිරෙයි. 21 April 2023
පාස්කු දා ප්‍රහාරයෙන් දිවි අහිමිවුවන් වෙනුවෙන් දිව්‍ය පුඡාවක් සිව් වසරකට ඉහතදී පාස්කු දා සිදු වූ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් ගේ ආත්මයන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් හා යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කන්නලව්වක් අද(21) කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වෙද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ද ඊට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය . 21 April 2023
ලක්ෂ 60ක දුරකතන සොරාගත් 3ක් මාට්ටු පුත්තලම නගරයේ දුරකථන අලෙවි සැලකින් සොරා ගෙන තිබු ලක්ෂ 60 කට ආසන්න දුරකථන තොගයෙන් අඩක් හා එය අලෙවි කරමින් සන්තකයෙ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයෙදී අද(21 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි. 21 April 2023
අද කාලගුණයේ තත්ත්වය බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 April 2023
චීන ආරාධනයකට රුවන් ඇතුළු පිරිසක් චීනයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියහ. 21 April 2023
යුක්රේන ජනපති මෙක්සිකෝ පාර්ලිමේන්තුව අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී, මෙක්සිකෝ පාර්ලිමේන්තුව ඇමැතුවේය. 21 April 2023
ඉලොන් මාස්ක්ගේ ‘ස්පේස් එක්ස්‘ උඩු ගුවනේදී පුපුරයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ’ස්පේස් එක්ස්’ සමාගම නිපදවූ අති දැවැන්ත මෙන්ම අති ප්‍රබල රොකට්ටුව, අත්හදා බැලීමක් වශයෙන් ගුවන්ගත කෙරුණු නමුත් එය උඩු ගුවනේ දී පුපුරා ගියේය. 21 April 2023
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එන පාගමන කටුවපිටියෙන් පිටත් වෙයි පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (20) රාත්‍රී කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති පූජාවෙන් අනතුරුව ඊට සහභාගි වූ පිරිස කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා යන පා ගමන් ඇරැඹූහ. 20 April 2023
උත්තර පත්‍ර නොබලනවාට එරෙහිව මවුපියෝ මානව හිමිකම් කොමිසමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (20)පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 20 April 2023
තොටුපොළේ දියනාමින් සිටි සිසුවා දියරකුසා අරන් යයි බණ්ඩාරගම මහබෙල්ලන තොටුපලේ මිතුරන් පිරිසක් සමඟ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු ඊයේ 20 පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි 20 April 2023
පාස්කු සිද්ධිය ගැන තරාතිරම නොබලා විමර්ශන කරනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන රජය තරාතිරම නොබලා විමර්ශනය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 20 April 2023
අයි.එම්.එෆ් විවාදයට විපක්ෂය නෑ? රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරනු ලැබූ ගිවිසුමට අදාලව මෙි මස 26 ,27 සහ 28 යන තෙදින පැවැත්වෙන විවාදයට විපක්ෂය සහභාගී නොවන තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 April 2023
පෙළපාලිය නතර කරන්න ආ පොලිසියට සැරට කියයි පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියට අයට සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා පැවැත්වන උද්ඝෝෂණය තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමු මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා පොලිසියේ උපකල්පනය අනුව තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් ඉන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇතැයි පෙන්වා දුනනේය. 20 April 2023
රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි අභියාචනය විභාග කර අවසන් වන තෙක් සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය කොංග්රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි ගොනු කර තිබූ පෙත්සම ගුජරාට් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 20 April 2023
අයි.එම්.එෆ්. ප්‍රගතිය මනියි ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති සැළසුමේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් සියයට 25 ක් මාර්තු මස අවසන් වන විටත් සම්පූර්ණ කර ඇති බවත් එසේ වුවද එක ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම හදුන්වාදීම වන ‘අයි.එම්.එෆ්. මීටරය’ පවසයි. 20 April 2023
ජී.එල්. පොහොට්ටුවට අභියෝග කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන සෙනසුරාදා (22) පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම පක්ෂයට දැනුම්දී තිබේ. 20 April 2023
දරුවන් එළියට ගෙනියන්න එපා අධික උණුසුම් සහගත කාලගුණය හේතුවෙන් දරුවන් විවිධ ක්‍රියාකාරකම් සඳහා අනවශ්‍ය ආකාරයට පාසල් පරිශ්‍රයෙහි අධික ලෙස හිරු එළිය වැටෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 20 April 2023
අයි.එම්.එෆ් විවාදය දින තුනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල පිළිබඳ යෝජනාව( ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම) පාර්ලිමේන්තුවේදී දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) පෙරවරුවේ තීරණය කළේය. 20 April 2023
පන්සලට පූජා කළ ඇත් දළ විහාරාධිපති හිමි පන්නලා සැදැහැවතකු පූජා කළ ඇත් දළ යුගලයක් ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කළ බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි. 20 April 2023
අධික රස්නය සතුන්ටත් දැනිලා රටතුළ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුන් ද දැඩි අපහසුතාවට පත්ව සිටිති. 20 April 2023
අනුරාධපුර රෙදි කඩයක ගින්නක් අනුරාධපුර මාර්කටි පෙදෙසේ පිහිටි සිවි මහල් වෙළදසල් කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 20 April 2023
කෝටි ගණනට සිංහල දරුවන් යුරෝපයට පටවයි ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා ප්‍රකාශ කර ඇත. 20 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026