( ඩී.ඒ.පතිරණ)
ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද දහවල් පුද්ගලයන් හතර දෙනෙකු මුඛ ආවරණ පැලැද ඇතුළු වී ගිණි අවියක් පෙන්වා නිවැසියන් කාමරයකට දමා සිරකර තබා එක්කෝටි එක්ලක්ෂ අනුතුන්දහසක (10193000.00) මුදල් හා ස්වරණාභරණ පැහැරගෙන මෝටර් රථයකින් පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.
නිවැසියන් බයකර ඔවුන් එක් කාරමරයක දමා සිරකර නිවසේ තිබූ රුපියල් අනූඅටලක්ෂ පනස්දහසක (9850000.00)මුදල් ,රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක් (325000.00) වටිනා රන්භාණ්ඩ,රුපියල් දහහත්දහසක් (17000.00) වටිනා ජංගම දරකථන තුනක් කොල්ලකා පළා ගොස් ඇත.
ව්‍යාපාරිකයා සහ දරුවන් ඌරුබොක්ක ප්‍රදේශයේ සිය වෙළද ව්‍යාපාරයේ සිටින අතරතුර පිරිස නිවසට ඇතුවී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරාකයාගේ බිරිඳ, රෝගී පුතා,ලේලිය, දරුවන් පමණක් බවත් නිවසේ සිටින රෝගියා බැලීමට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි ඥාතියකු හා ඔහුගේ බිරිද දරුවන් දෙදෙනාද සිට ඇති අතර ඔවුන් සියළු දෙනාම කාමරයකට දමා සිරකර තබා ඇති අතර කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි යුවළගේ හා දරුවන් දෙදෙනාගේ මුදල්, රන්භාණ්ඩ, ජංගම දුරකථන ද සොරුන් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මෝඩ ව්‍යාපාරිකයෝ මේ තරම් දියුණු තාක්ෂණය තියෙන කාලයේ තවමත් ඉන්නවා කියලා අහන්න ලැබීමත් දුකක්. ඇත්තටම කෝටි ගණනක මුදල් නිවසේ තබාගන්නවා කියන්නේ ආදායම් බදු ගෙවීමට කරන වංචාවක් කියන්නත් පුළුවන්.. මොහු කෝවිඩ් කාලයේ ලබාදුන් 5000/= සහ අවුරුදු සඳහා දුන් සහල් මලුත් ගන්න ඇති නේද?
දැන් දැන් මේ රටේ වෙන දේවල් දිහා බලාගෙන ගියාම රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා වෙනස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව කළ යුතුව පවතී. දේශපාලනඥයින් හා වෙනත් බලවත් පුද්ගලයින් හා ආයතන වටා ඒකරාශීවී ඇති පොලිස් හා අනෙකුත් ආරක්ෂක නිලධාරී කණ්ඩායම් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවිය යුතුයි. එසේ නොමැතිව නිවෙස්වලට මේ ලෙස මහදවල් හොරුන් පැමිණ සිත් සේ හොරකම් කොට පලායන රටක ආරක්ෂාව ගැන අදාළ අංශ ලැජ්ජා විය යුතුයි. මිනිසුන් සමාජයේ පැතිරෙන අපකීර්තියට රහසක් ලෙස තබා ගත්තද, මෙවන් අවස්ථාවලදී හොරුන් විසින් නිවෙස්වල සිටින කාන්තාවන් දූෂණය කළ අවස්ථාද නැත්තේ නොවේ. මෙවන් හොරුන් මෙසේ රජකරනුයේ, රටේ නිසි පරිදි ආරක්ෂාවක් ජනතාවට ලබාදීමට වගකිවයුතු පාර්ශව සතුව පවතින දුර්වලකම් නිසා බව පෙන්වා දිය හැකියි. එසේ නැතිව, පොලීසියේ අදක්ෂ කමක් නිසා නොවේ. අවශ්‍ය වනුයේ පොලීසිය රටේ ජනතාවට වැඩදායී අයුරෙන් යෙදවීමයි.
මෙහෙම අපරාධ වලට ලක් වෙන්න දෙන්න බෑ මිනිස්සුන්ට. අනිත් එක අසරණවෙලා ඉන්න වෙලාවේ, ගැහැණු ටික ගෙදර ඉන්න වෙලාවේ ඇවිත් හයිරන් පාල යන චීත්ත පාතාලේ අයට පාරෙදීම වෙඩි තියන්න ඕනෑ...
තවත් පාතාලේ හුරතල් කරකර හිටපල්ලා. කිරි උතුරයි රටටම...