IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රතුකුරුසේ අංකයට ධාවනය කළ ජිප් රථයක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

රතු කුරුස සංවිධානයට අයත් වාහනයක ලියා පදිංචි අංක තහඩු සවි කරන ලද රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලෑන්ඩ් කුශර් වර්ගයේ ජීප් රථයක් ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කර කර කූඨ ලේඛන සකස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් ගොවි පොළක් හිමි බියගම ව්‍යාපාරිකයකු පරිහරණය කරන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

ජීප් රථයේ එන්ජිම හා චැසි අංක පරික්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ලෙස කොටා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ජිප් රථයේ වර්තමාන හිමිකරු වන ව්‍යාපාරිකයා ගෙන් ඊට අදාළ ලිපි ලේඛන ඉල්ලා සිටීමේ දී ඔහු සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ජිප් රථයට අදාළ ලිපි ලේඛන ලබාදීමේ පොරොන්දුව මත මාස 8 කට පමණ පෙර රුපියල් ලක්ෂ 50 ක මුදලකට මිලදී ගත් බවට ප්‍රකාශ කර ඇත.

 



අදහස් (1)

රතුකුරුසේ අංකයට ධාවනය කළ ජිප් රථයක් අල්ලයි

Prasanka Monday, 12 June 2023 09:03 AM

මනුස්සයෙක් සැප විඳිනවා බලන් ඉන්න බැරි කෙනෙක් පොලිසියට කියලා..

:       67       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site