
(අංජුල මහික වීරරත්න සහ ඩී.ජී.සුගතපාල)
රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජුලි මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා ඇද වැටී තිබෙන රට ගොඩනගන්න නම් ශක්තිමත් පක්ෂ ව්‍යවස්ථාවක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කීය.
1987 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එජාපයට බලය අහිමි වූ බව කී වජිර අබෙිවර්ධන මහතා මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ ජේ.ආර් ජයවර්ධන යැයි ඇතැමුන් නොදැන කියූවත් එය සම්පූර්ණයෙන් වැරදි කතාවක් බවද මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ ආර්.ප්‍රේමදාස බව ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල සහ හබරාදූව බල මණ්ඩල රැස්වීම් අමතමින් අබේවර්ධන මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? හැටිද? රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි, පාක්ෂික ව්‍යවස්ථාවයි අතර ඇති සම්බන්ධය මොකක්ද?
ඔය මොන ව්‍යවස්ථාව ගෙනාවත් ඉන්නේ පරණ නායකයෝ නම් මිනිස්සු ඕකට ඡන්දය දෙන්නේ නැහැ... උපරිම 5%ක් ලැබේවි...
අළුතෙන් ගෙනඑන ව්‍යවස්ථාවට පක්ෂය නැත්තටම නැති කරපු වත්මන් නායකයාව නම් වෙනස් කරන්න එපා.
කොහොමත් ලබන ඡන්දෙ වෙනකන් විතරයිනේ..., එතකන් ඕන කෙන් ගෙඩියක් කරපල්ලා...
අතීසාරේට අමුඩේ ගහනවා කියන්නේ මේ වගේ වැඩවලට...
චන්දයක් ආවොත් ඔය පින්තුරෙ ඉන්න කිසිම කෙනෙකුට තම දිස්ත්‍රිකයෙන් මනාප 5000 ගන්න බැහැ , මෙක විහිලුවක්
අපේ ව්‍යවස්ථාවේ වචන 40,000යි. ඇමෙරිකාවේ වචන 8,000ලු. වචන අඩු වෙද්දි රට දියුණු වෙනවා. වජිර මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න තියනවා. ඔබලා අපේ බදු සල්ලිවලින් සැපේ ඉන්න හින්දා මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔබලාට තේරෙන්නේ නෑ...
සජිත්ට බැනලා වැඩක් නෑ. පාක්ෂිකයෝ ඡන්දෙ දෙන්නේ සජිත්ට නම් රනිල් සහ වජිර එම යථාර්ථය පිළිගත යුතුයි.