
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී කිරීම්දී සමස්ත ගාස්තු අඩුවීම සියයට 3 ක් පමණි.
එම විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8 කින් ද, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 7.2 කින් ද, ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4 කින් ද, අඩු වන බව ද එම කොමිසම කියයි. විදුලි ඒකක 180 කට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3 කින් අඩු වන බව කියන මහජන උපයෝගිතා කොමිසම ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවල විදුලි ගාස්තුව සියයට 3.2 කින් පමණක් අඩු වන බව ද සඳහන් කළේය.
කර්මාන්ත, පොදු කාණ්ඩය, වීථි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩවල ගාස්තුව වෙනස් නොවන වූවද හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6 කින් අඩු වන බවත් කොමිසම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙදී බලාගන්නම්කෝ... ඩොලර් එක මෙච්චර අඩුවෙලා..., තෙල් මිල අඩු වෙලා... 3% ද අඩු කරන්නේ... ඕක කරන්න නම් ලක්ෂ ගණන් පඩි අරන්, වාහන පිනට අරන් නිලධාරිනුයි, ඇමැතිලයි ඉන්න ඕනෑද?
කරුණාකර මේවා පුද්ගලික අංශයට දෙන්න. සමාගම් 2-3 ගැනත් තරගකාරීත්වයක් ඇති කරන්න... එවිට මිල අඩු වේවි. පාඩු ලබන සංස්ථාවක මිලියන ගණන් දීම සහ වැටුප් ගන්න සභාපතිවරු නිලධාරියෝ සිටීම විහිළුවක්...
සීයට තුනත් අපිම දෙන්නම්... ස්තුතියි කාංචන...!!!
එකක 90ට වඩා පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා.. 3% කියන්නේ සොච්චම් අඩු කිරීමක්... නිකන් බොරු වැඩ නොකර හිටපල්ලා...
අඩු කරන්න එපා ඡන්දෙ තියපල්ලා... අපි ගාණට අඩු කරගන්නම්... 225 අඩු කරන ගමන්...
ඔහොම කළැයි කියමුකෝ... අති විශාල ස්ථාවර ගාස්තුවට මොකද වෙන්නේ... එය ඉතාමත් අසාධාරණ වැඩියි.
සියයට 300කින් ගාස්තු වැඩිකොට, සියයට 3 කින් අඩුකිරීම ජනතාවට මොනතරම් සහනයක්ද? ගසාකන ඇමැතියගේ මොලය තමයි...
ජල බිල ගැන කතාවක් නෑනේ...?
මුන්ට නම් වැරදිලාවත් චන්දයක් වැටෙන්න එපා.කරන අපරාධ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නෙම නෑ
මොකටද ඕක අඩුකරේ?