
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ පිහිටි පල්ලියක් ඉදිරිපිට නවතා තිබු පුද්ගලික බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර එම බස් රථයට අලාභ හානි සිදුකළ බව කියන පාසන් වයසේ දරුවන් තිදෙනකු අද අළුයම අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පරසන්ගස්වැව, අසිරික්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 15 ත් 17ත් අතර වියේ පසුවන දරුවෝ තිදෙනෙකි.
අත්අඩංගුවට ගනු ලැබු පරසන්ගස්වැව,අසිරික්ගම ප්‍රදේශයේ පදිංචි මෙම මොවුන් තිදෙනා එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයන් කිහිප දෙනක අතර මේ දිනවල අනුරාධපුර නගරයේ පැවැත්වෙන “පුරවර උදානය” නැමති සැණකෙළි භුමියේදි සිදුවු ගැටුමක් දුරදිග ගොස් බස් රථයට පහරදි ඇතැයි පොලිසිය කියයි.
පරසන්ගස්වැව,අසිරික්ගම ප්‍රදේශයේම පුද්ගලයකුට අයත් බස් රථයකට සැකකරුවන් මෙසේ ගල්මුල් පහර එල්ල කිරිම සම්බන්ධයෙන් එහි රියදුරා පොලිසියට සිදුකළ පැමිණිල්ල මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට අරන් දඬුවම් කරන්නයි තියෙන්නේ...!
අනුරාධපුරේ පැත්තේ අයගේ හැටි... ඒ කාලේ ජේතවනාරාමයටත් ගල්ගහලා තියෙනවනේ...
කපුටත් කියලා තියෙනවා ගල් සෙල්ලම හොඳ නැහැ කියලා...