
(ලක්ෂ්මී ජයකොඩි)
ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මන්තී‍්‍රවරයා පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු එයාකාරයෙන් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ මෙරට ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවත් මෙහිදි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එම් . ඒ සුමන්තිරන් යන මහත්වරු ජනාධිපතිවරයා වෙත අවධාරණය කර සිටිය බවද සානක්‍යන් මන්තී‍්‍රවරයා පැවසුවේය.
රෝගාතුව සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු පොසොන් පෝය දින නිමිත්තෙන් හෝ නිදහස් කරනු ඇතැයි සිය පක්ෂය අපෙක්ෂා කළද ඔහුව නිදහස් නොකළ බව කී සානක්‍යන් මන්තී‍්‍රවරයා සිය සන්ධානය වසරක කාලයක් වත්මන් ජනාධිපතිවරයා හා සාකච්ඡා පවත්වමින් සිටින බවද එහෙත් සිය සන්ධානය ඉල්ලා සිටි මුලික ඉල්ලීම්වලටවත් මෙතෙක් විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාර්ගික ප්‍රශ්නය රටේ ආර්ථික ප්‍රශ්නයක් නොවෙයි. ජනාධිපති රනිල්ට ජනවාර්ගික තීන්දු ගැනීමේ බලයක් අපි දීලා නැහැ. ඔබලා සාකච්ඡා වලට සහභාගි වුණා කියලා රටට වෙච්චි සේවයක් නැහැ. සාකච්ඡාවලට ඉන්න බැරිනම් යන්න.
ලංකාවේ ඔය කියන ආකාරයට ජනවාර්ගික ගැටළුවක් නැත. එය හුදෙක්ම අවස්ථාවාදී, බලලෝභී කපටි දේශපාලුවන්ගේ මවාපෑමක් පමණි. තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් මාරුවෙන් මාරුවට කාලයෙන් කාලයට ඔවුන් එය අඩුවැඩි වශයෙන් යොදා ගනී. එහෙත් මිනිස්සුන්ට භෞතික සම්පත් බෙදී යාමේ සහ අදහස් හුවමාරු කරගැනීමේ විෂමතාවයන් සහ අඩුපාඩු පවතිනවා.. ඒවාට පැලැස්තර නොවන සාධාරණ විසඳුමක් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි.
කොළඹ පදිංචි වෙලා, හොඳ සැප විඳින ගමන් මේ මිනිසුන් කියන ජනවාර්ගික ප්‍රශ්නය මොකද්ද? සාමාන්‍ය දෙමළ ජනයා සිංහල මිනිසුන් සමඟ කිසිම ගැටළුවක් නැතිව ඉන්න එක තමයි මොවුන්ට තියෙන ජනවාර්ගික ගැටළුව. මොකද මිනිසුන් රවටලා පාර්ලිමේන්තු එන්න තියෙන අවස්ථාව නැතිවෙනවා...
ජනවාර්ගික ප්‍රශ්න යනු මොනවාද කියන්න මේ නායකයින්ට බැරිද? කොටි ත්‍රස්තවාදීන්ට ඕනෑ වුණු, රට දෙකට බෙදීමේ ඉතුරු කොටස කරන්නද මේ අය වලිකන්නේ..? එයට රටේ ජනතාව කිසිවිටෙකත් ඉඩ නොදෙනු ඇත...!!!
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා හොඳින් ජීවත් වෙනවා. අපි නොදන්න අපිට නැති ජනවාර්ගික ප්‍රශ්නය මොකද්ද?
රාසමානික්කම් කියන්නේ, ඉස්සර හොඳ කෙනෙක්, දැන්නම් පෙනෙන විදිහට තනිකරම අන්තවාදී අදහස් පිරුණු,NGO කාරයෙක් වගේ... නැති ප්‍රශ්න ඇති කරලා, මේ ගොල්ලන්ගේ පැවැත්ම තියාගන්න කරන කියන දේවල් මේවා... අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් මොනවද මෙයාලා කෙරුවේ කියලා හොයලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, මේ ගොල්ලෝ හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. වැඩිය නැටුවොත්, කරන්න දේවල්, අපිටත් තියනවා කියලා අමතක වෙලා වගේ...
ජනවාර්ගික ප්‍රශ්නෙ කියන්නේ හිඟන්නගේ තුවාලෙ වගේ එකක්... තුවාලේ හොඳ වුණොත් හිඟන්නා කාලා හමාරය...
උතුරේ අහිංසක ජනතාව රවටලා, ජාතිවාදය වපුරලා, කොළඹ 07 සැප විඳිනවා. අමෘත ලිංගම් කියන අය කළේත් ඔය වැඩේ... ප්‍රභාකරන් ශොට්එක දුන්නා. ප්‍රභාකරන් හිටියා නම් මොවුන්ටත් ඒක වෙයි..
ලංකාවේ එහෙම ජනවාර්ගික අර්බුදයක් නැහැනේ..., කිසියම් අවස්ථාවක කාලකන්නි දේශපාලකයින්ගේ වුවමනාවට රඟදක්වපු නාටක ඇරුණාම. ඒක නිසා ඔයාලා බොරුවට රඟන්නැතුව ඉන්න රාසා. ඒත් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන්න කාලය හරි, සිංහල සහ දෙමළ භාෂාත් ආරක්ෂා කරගෙන. කොච්චර නම් බුලට් පොරවල් ලංකාවේ ඉන්නවාද ඉංග්‍රීසි නිසා එක තැන පල්වෙන...
රනිල් ඔය ප්‍රශ්නේ මතුකරලා ලොකු විවාදයක් මේ මෑතක ඇතිකළ 14 සංශෝධනය ගැන. ඔය තක්කඩියා නැවත ඡන්දයක් ලංකරලා දෙමළ ඡන්දවලට තට්ටු කරන්න ඔය ප්‍රශ්නය ගේන එක විශ්වාසයි. දෙමළ ජනතාව ඔය වගේ දේවල්වලට රැවටෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා.
අරගලයට ජය, කෝච්චිවලින් අපි Gall face එනවා ළමයාත් අරන්, රනිල් රාජපක්ෂලා පන්නමු...!
"සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක්" ගොඩක් රතුයිද දන්නෑ...
රනිල්ගෙන් ඕවා ඉල්ලන එක සාධාරණයිනේ.., මොකද රනිල්ට ජනතාවගේ බලයක් නැහැනේ... 134 දෙනාගේ කැමැත්තක් විතරයි තියෙන්නේ. මේවගේ දේවල් කරන්න ජනතාවගෙන් කැමැත්ත ගන්න වෙයි...
දැන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැත. ඔය වගේ ආත්මාර්ථකාමී බෙදුම් කාරයෝ තමයි මිනිස්සු අතරේ මේ වගේ ප්‍රශ්න ඇති කරන්නේ. දැන් සියලුම මිනිසුන්ට ශ්‍රී ලාංකිකයින් ලෙස එකට වැඩ කරන්න පුළුවන්. දැන් අපේ ජනාධිපතිවරු පුංචි හුස්මක් අරගෙන රට හොඳ මුහුණුවරකට ගෙන ගියා. එබැවින්, ඔබට දැන් නිදහසේ සිටිය නොහැකි අතර එය විනාශ කිරීමට අවශ්‍ය වේ. මෝඩයෙක් වගේ හිතන එක නවත්තන්න...
ඔය දේශපාලන පරයින්ට තියන ප්‍රශ්න සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට නෑ. ඒ් අය තමයි ප්‍රශ්න අවුස්සන්නේ..., ඊට පස්සේ අපේ සල්ලි වලින් සැපේ ඉන්නේ...