
(යොහාන් භාසුර)
දුම්රිය තව දුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත් දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළයුතු බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දෙපාර්තමේන්තුවකට වාණිජ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වීම නිසා වරාය අධිකාරිය, ටෙලිකොම් යන ආයතනය සංවර්ධනය කළ ආකාරයට ආයතනයේ සුළු සේවකයෙකුට හෝ හානියක් නොවන ලෙස රැකියාවේ, විශ්‍රාම වැටුපේ සුරක්ෂිතතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තු නිලධාරීවාදයෙන් මිදී අධ්‍යක්ෂ මණ්ඩල පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ක්‍රමයකට අපි යා යුතු බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම විකල්පය නම් කතා කරනවාට වඩා ක්‍රියා කිරීම වඩා හොඳයි...
නිතරම කතාව විතරයි... කරන මගුලක් නැහැ.
දුම්රිය ගොඩගන්න නම් කරන්න ඕනෑ... ඔයා වගේ බක පණ්ඩිත පොතේ ගුරෙක් නොවන ක්‍රියාශීලී තරුණ ඇමැති කෙනෙක් පත්කර ගැනීමයි.
අධිකාරි මණ්ඩල, සංස්ථාවල කෙරෙන කෙරුවාවල් රටේ ජනතාව දකිනවා. හිතේ හැටියට අතිකාල, පාඩු වුණත් බෝනස් සහ අනිකුත් දීමනා, රේල්පාරේම කෝච්චිය ගෙනියනවාට හරියට ස්ටේෂන් එකේ නවත්වනවාටත් දීමනා ගෙවාවි...!
නුඹලා ඉන්නකම්. මේ රට ගොඩ ගන්න බැහැ. අධිකාරියේ. දෙපාර්තමේන්තුව. මේවා නම් විතරයි. ඔබලා දන්නේ හොරා කන්න විතරයි. ඔය නඩේ ඉන්න කිහිප දෙනාටයි, මොලයක් ඉගෙනීමක් තියෙන්නේ. අනිත් අය මෝඩ රැලක්. එක උගතෙක් හිටියා නම් ඇති රටට කොන්ද කෙලින් තියෙන. බඩයි, කටයි පොඩි මොලේ වැඩි පපුව හොඳ කෙනෙක්... මේ දෙක බද්ද කරලා තමයි කෙනෙක් හදා ගන්න වෙන්නේ. ලෝකෙන් නූගත්ම රට කරන නඩේ ඉන්නේ ලංකාවේ... මේ පොඩි රට හදාගන්න බැරිව ලෝකය වටේ හිඟාකන්න විතරයි දන්නේ... මේ රටට ශාපයක්. ඔබලා ඉන්නකම්...
ඔබ වැනි ගොබ්බයන් බලයේ සිටින තාක් කල් දෙපාර්තමේන්තුවක්, අධිකාරියක් හෝ වෙනත් කිසිම ආයතනයක් ලාභ ලබන්න බැහැ.
ඕක විකුණන්න.. ඕකේ වැඩ කරන අය කෝච්චියේ ටොයිලට් එකක් වත් සෝදන්නේ නෑ. ඕකේ ඉන්නේ බාගෙට භාගයක් දේශපාලන පත්වීම්. පොහොට්ටු එවුනුයි, අලි එවුනුයි.
ලාභ ලැබීමට ප්‍රථම , Breakeven කරලා පෙන්නවන්න. නොමිලේ මගීන් හා බඩු ප්‍රවාහනය කරන්නේ නැතෙයි නේ, හොරෙන්ය යන, හොරා කන දෙපිලටම වැටබඳිනු...