
(යොහාන් භාසුර)
දුම්රිය තව දුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත් දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළයුතු බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දෙපාර්තමේන්තුවකට වාණිජ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වීම නිසා වරාය අධිකාරිය, ටෙලිකොම් යන ආයතනය සංවර්ධනය කළ ආකාරයට ආයතනයේ සුළු සේවකයෙකුට හෝ හානියක් නොවන ලෙස රැකියාවේ, විශ්‍රාම වැටුපේ සුරක්ෂිතතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තු නිලධාරීවාදයෙන් මිදී අධ්‍යක්ෂ මණ්ඩල පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ක්‍රමයකට අපි යා යුතු බව ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය අනිවාර්යෙන්ම අධිකාරියක් කළ යුතුයි
Musaddique Ansar Sunday, 11 June 2023 03:32 PM
හොඳම විකල්පය නම් කතා කරනවාට වඩා ක්‍රියා කිරීම වඩා හොඳයි...
Sunil Sunday, 11 June 2023 03:49 PM
නිතරම කතාව විතරයි... කරන මගුලක් නැහැ.
යෝගා Sunday, 11 June 2023 03:50 PM
දුම්රිය ගොඩගන්න නම් කරන්න ඕනෑ... ඔයා වගේ බක පණ්ඩිත පොතේ ගුරෙක් නොවන ක්‍රියාශීලී තරුණ ඇමැති කෙනෙක් පත්කර ගැනීමයි.
Bamunuarachchi Sunday, 11 June 2023 04:51 PM
අධිකාරි මණ්ඩල, සංස්ථාවල කෙරෙන කෙරුවාවල් රටේ ජනතාව දකිනවා. හිතේ හැටියට අතිකාල, පාඩු වුණත් බෝනස් සහ අනිකුත් දීමනා, රේල්පාරේම කෝච්චිය ගෙනියනවාට හරියට ස්ටේෂන් එකේ නවත්වනවාටත් දීමනා ගෙවාවි...!
චතුරි Sunday, 11 June 2023 05:09 PM
නුඹලා ඉන්නකම්. මේ රට ගොඩ ගන්න බැහැ. අධිකාරියේ. දෙපාර්තමේන්තුව. මේවා නම් විතරයි. ඔබලා දන්නේ හොරා කන්න විතරයි. ඔය නඩේ ඉන්න කිහිප දෙනාටයි, මොලයක් ඉගෙනීමක් තියෙන්නේ. අනිත් අය මෝඩ රැලක්. එක උගතෙක් හිටියා නම් ඇති රටට කොන්ද කෙලින් තියෙන. බඩයි, කටයි පොඩි මොලේ වැඩි පපුව හොඳ කෙනෙක්... මේ දෙක බද්ද කරලා තමයි කෙනෙක් හදා ගන්න වෙන්නේ. ලෝකෙන් නූගත්ම රට කරන නඩේ ඉන්නේ ලංකාවේ... මේ පොඩි රට හදාගන්න බැරිව ලෝකය වටේ හිඟාකන්න විතරයි දන්නේ... මේ රටට ශාපයක්. ඔබලා ඉන්නකම්...
Patriot Monday, 12 June 2023 12:09 AM
ඔබ වැනි ගොබ්බයන් බලයේ සිටින තාක් කල් දෙපාර්තමේන්තුවක්, අධිකාරියක් හෝ වෙනත් කිසිම ආයතනයක් ලාභ ලබන්න බැහැ.
සල්ලි Monday, 12 June 2023 06:57 AM
ඕක විකුණන්න.. ඕකේ වැඩ කරන අය කෝච්චියේ ටොයිලට් එකක් වත් සෝදන්නේ නෑ. ඕකේ ඉන්නේ බාගෙට භාගයක් දේශපාලන පත්වීම්. පොහොට්ටු එවුනුයි, අලි එවුනුයි.
Nilantha Monday, 12 June 2023 07:23 AM
ලාභ ලැබීමට ප්‍රථම , Breakeven කරලා පෙන්නවන්න. නොමිලේ මගීන් හා බඩු ප්‍රවාහනය කරන්නේ නැතෙයි නේ, හොරෙන්ය යන, හොරා කන දෙපිලටම වැටබඳිනු...