
(මහින්ද නිශ්ශංක)
ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය.
මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන්නේ නම් දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3. 75 ක කොමිස් මුදල රුපියල් 8 දක්වා වැඩි කළ යුතු බවද ක්‍රිෂාන්ත මහතා පෙන්වා දුන්නේය.
කොමිස් මුදල රුපියල් අට දක්වා වැඩි නොකරන්නේ නම් ලොතරැයි පත් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඔහු පවසයි.
ලොතරැයි පත්වල මිල වැඩි කිරීමට තම සංගමය විරෝධය පළ කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මිල වැඩි කිරීමට ලොතරැයිපත් මිලදී ගන්නා ඇය තුළ ද විරෝධයක් පවතින බව ඔවුන් හා කළ කතාබස් කතා බහේදී පෙනී යන්නේ යැයි ක්‍රිශාන්ත මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොතරැයියක මිල සිගරට්ටුවක මිලට සමාන කරන්න. දෙකෙන්ම වෙන්නේ සල්ලි පුච්චන එක...
බාගෙන කනවල ඉහගෙන කන්න ගිහිල්ලා මත්පැන් මිල වැඩිකරලා කරගත් දේම කරගනියි... මෝඩ හැත්ත. මිනිස්සු ලොතරැයි ගන්නේ නොගෙන බැරි නිසාම නොවෙයි. ගාන වැඩිවුණාට බැන බැන පාන්ගෙඩිය ගත්තාට ලොතරැයි ගන්නේ නැත...
ලොතරැයි මිල වැඩිකිරිම හරහා අලෙවියද පහළ යනු ඇති... දැනටත් ලොතරැයි අලෙවිය පහළ මට්ටමක පවතිද්දී ඊට වඩා පහළට ලොතරැයි ආයතන වට්ටවා ගැනීමට ඒ මිල වැඩිකිරිම මගින් වනු ඇති... ඒ නිසා මිල ඉහළ දැමිම නතර කළ යුතුයි.
මම පාසල් යන කාලයේ සත පනහට ජාතික ලොතරැයි මිලට ගත්තා. දවසක් අපේ ගුරුතුමෙකු මේක දැක්කා එතුමා කිව්වා ඕවාට මුදල් නාස්ති කරන්න එපා කියලා... ඒත් මම මේ වනතුරුත් ලොතරැයි ගන්නවා. ඉතාමත් කලාතුරකින් රුපියල් විස්සක් නම් ලැබී තියෙනවා හැරෙන්නට වෙනත් වෙලාවක රුපියල් 500 /= ලැබුණා හැරෙනවිට කිසිවක් නැහැ... ඒ සමගම ජාතික ඉතිරි කිරීමේ බැංකුව හඳුන්වා දුන් ලොතරැයියක ටිකට් ගොඩක් ගත්තා. ඒකත් වියදම් විතරයි. ඒවා මෙතෙක් බැංකුවේ තිබුණා නම් පොලිය හරි ලැබෙන්න තිබුණා ඒ නිසා මින් ඉදිරියට කිසිම ලොතරැයි පතක් නොගන්න තීරණය කළා...
සිහින මාලිගාත් අදින් පසු සුණුවිසුණු වුණා,
ලොතරැයි ගැනීම ඔන්න සදහටම නැවැත්තුවා
සමහර ටිකට් වල ජය මල්ල රුපියල් කෝටි 33ත් ඉක්මවා ගිහින්. මාස ගණනක් තිස්සේ කාටවත් දිනුම නැහැ. මෙහෙම වෙන්න පුලුවන්ද?
ආන්ඩුවට පාඩමක් උගන්වන්න අවශ්ය නම් මසයක් ලොතරැයි නොගෙන ඉමු එතකොට ඉබෙම ගනන අඩු කරල විකුනන්න සිදු වෙවි. , ලොතරැයි කියන්නෙ ආහාර බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දෙයක් නොවේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය කෝටි 33ක දැනට දිනුම් තියන ලොතරැයි දෙකකින් මිනිස්සු හූරාගෙන කනගමන්, ලංකාවේ වැඩිම දිනුම් දුන්නේ අපි යැයි පැවසීමට මොවුන් තවතවත් කටයුතු කරමින් පවතියි. මම නම් කියන්නේ ඔය මුදල් කෝටිය වශයෙන් වෙන්කර ජනතාවට ජයග්‍රහණය කිරීමට ඉතා ඉක්මණින් මග සලස්වන්න ලේසියි. එක පුද්ගලයකුට පමණක් මෙම මුදල් ජයග්‍රහණය කිරීමට නොදී
අපිට මාස පතා ඇදෙන ලොකුම ලොතරැයි වාවාසනාව තමයි ලයිට් බිල
මුල් දිනුමට දෙන මුදලට ... සාපේක්ෂව අනික් දිනුම්වලට දෙන මුදල ප්‍රමාණවත් නොවේ. හොඳම දේ ටිකට් නොගෙන සිටීමයි.
තව වැඩි කරන්න..වසනව මගින් ඩියුනු වෙන්න හිටන් ඉන්නෙ කමෙලියො..රුපියල් 5000 කරන්න. බොහො විට මේ ලොතරැයි ජයමල්ල උපරිම එනකම් කොහොමත් දිනුම ලෙබෙන්නෙ නෙ.