
(අංජුල මහික වීරරත්න)
අතීතයේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර මට්ටමින් තිබූ කීර්ති නාමය සහ ප්‍රමිතිය නැවත ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවද ජනාධිපතිවරයා කීය.
අතීත ප්‍රමිතිය නැවත ළඟා කරගත හොත් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශනය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති "CVCD විශිෂ්ටතා සම්මාන" උළෙල අමතමිනි.
මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළයුතු බව ද සඳහන් කළේය.
වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන "CVCD විශිෂ්ටතා සම්මාන" උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කරයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රමිතිය අඩු වෙලාද?
ඒ වගේම උත්තරීතරයැයි කියාගන්නා තැනටත් රටේ ඉන්න තරම්, දූෂිතයෝ, හොරු, කසිප්පු කාරයෝ වගේ අය පත්වන එක වැළැක්වීමට අවශ්‍ය නීති රීති සකස්කළොත් නරකද?
ජනාධිපතිතුමා ඔබතුමා මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණි කාලයේ ඇතිකල විවෘත විශ්ව විද්‍යාලයේ කටයුතු ගැන කියන්න හරිම දුකයි. එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වන වසරේම අනෙක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් පිටවී රැකියා කරන අතරේ පශ්චාත් උපාධිය කලත් විවෘත විද්‍යාලයේ සිසුන් සාමාන්‍ය උපාධියවත් අවසන් නැතුව ලතවෙනවා කියලා අහන්න ලැබුණා. ඒ ගැන සොයා බලන්න...
රටෙ විශ්වවිද්‍යල වල ප්‍රමිතිය අඩුය කියල ජනාදිපති ප්‍රසිද්දියෙ පිලිඅරන් , මෙහෙමත් මෝඩ ජනපති කෙනෙක් ,අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ්ගැන සොයා බලා එකට පිලියන්ද යොදනව මිසක් මෙහෙම මොඩ කතා කියන්වද ? දැන් ලෝකෙ පුරා ජිවත්වන මෙකෙන් උපාදි ගත්තු උපාදි දාරින්ගෙ වටිනාකමට සිදු වෙන හානිය ගැන මෙ මනුස්සය මොහොතකට හෝ හිතුවද ?
ඔන්න ආයෙත් සුරංගනා කතාවක් කියලා..මේවා ඉතින් අර බ්‍රේස්ලට් කතා වගේ තමයි..මෙයා හොඳයි පෙර පාසල් ළමයින්ට සුරංගනා කතා කියන්න දාන්න.
සත 5ක වැඩක් නැති පින් බත් රජෙක් සරසවිවලට වටිනාකම දෙන්නෙ හීනෙන් වෙන්න අති.
සරසවි වලට වටිනාකම අපිට බලෙන් දෙන්න බැහැ... වටිනාකම සරසවිය විසින් ගේන් කළ යුතුයි...