(ඩී.ජී.සුගතපාල ,සුමතිපාල දීයගහගේ)
ගාල්ල කරාපිටිය රෝහල අසල රැඳී සිටි දෙදෙනකු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වංචාවල මීගොඩ පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරුණයෙකි.
අක්මිමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු ඊයේ රාත්‍රි 11.30ට පමණ පොලිස් යතුරු පැදියෙන් දක්ෂිණ අධිවේගි පිවිසුම් මාරගයේ නුගදුව සිට අක්මිමණ දෙසට ගමන් කරමින් සිටියදි ස්කුටි වරගයේ යතුරු පැදිකින් පැමිණ දෙදෙනෙකු මාරගයේ නතරකරගෙන සිටියදි පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇත.
එවිට යතුරු පැදිය පණ ගන්වා පලා යාමට උත්සාහ කල අවස්ථාවේ පොලිස් නිලධාරින් යතුරු පැදිය නතර කිරිමට සුදානම්වු විට යතුරු පැදියේ පසු පැදිකරු පොලිස් නිලධාරින් සමගපොර බැදිමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ තුවාල ලබා ඇති පුද්ගලයා යමක් අතට ගෙන පොලිස් නිලධාරින් දෙසට වීසි කිරිමට උත්සාහ කර ඇති බවත් ඒ සමගම පොලිස් නිලධාරියෙකු රාජකාරි පැති අවියෙන් වෙඩි තැබිම සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
එම අවස්ථාවේ යතුරු පැදි පදවාගෙන පැමිණ ඇති වංචාවල මීගොඩ පදිංචි 18හැවිරිදි තරුණයා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පසුව තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ වම් හක්කට වැදි ඇති උණ්ඩයක් දකුණු හක්කෙන් පිටව ගොස් ඇති බවය.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙන් බේරි පනින්න යද්දී වෙඩි