(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින් ,නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද පෙන්වා දී ඇත.
ඒ අනුව,පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙනව් ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදි තීන්දුවකට පැමිණ ඇත.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.
මහ නගර සභා 24ක් ,නගර සභා41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා ජනතා අයතීන් කප්පාදු කරනවා දකින කොට ඇතිවෙන්නේ මහ ක්‍රෝධයක්..., කිසිම ජනවරමක් නැති කෙනෙක්...
අයියෝ සල්ලි... පුංචි හෑවා...
ජනාධිපතිවරණය පේනවා... පුංචි ඡන්දය අවලංගු කිරීම... මේවා රනිල්ගේ ගැට... ගැට කිඹුලෙක්...
රජයට ලොකු වන්දියක් දෙන්න වේවි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා
ආර්ථික අර්බුදයක් තියෙනවා කියමින් මෙහෙම ජනතා මුදල් නාස්ති කිරීම සාධාරණ නැහැ. මෙහෙම දේවල් කරන්න තීන්දු තීරණ ගත් පිරිසෙන් වැයවූ සියලු මුදල් අයකරන්න ඕනෑ.
මහජන සල්ලි කිසිම වගකීමක් නැතිව කාබාසිනියා කරන හැටි... එන්න අපි තව ටැක්ස් ගෙවමු..
යහපත් පාලකයො පත්වෙවා කියල ඒ්ක තමා කියන්න තියෙන්නෙ
පසුගිය සති කිහිපය තුළ පක්ෂ විපක්ෂ දේශපාලන රැස්වීම නිරීක්ෂණය කිරීමේදී තරුණ සහභාගීත්වය ඉතාම අඩු වශයෙන් දක්නට ලැබිණි, බොහෝ තරුණයින් 18 - 30 අතර වර්තමාන දේශපාලනය පිළිබඳ දැඩි කලකිරීමකින් සිටියි. එමනිසා රටට වෙනසක් අවශ්‍ය නම් තරුණ දායකත්වය සහ සහභාගීත්වය අවශ්‍ය වේ. එම නිසා පවත්වන්නේ කුමන මැතිවරණයද කියලත් රටට වෙනසක් ලබාදිම ආරම්භ කළහැකි වන්නේ කුමන මැතිවරණයකින් පසුවදැයි සිතා බැලීම වැදගත් වේ.
තරුණයන් කිව්වාට, කඩ සාප්පු, මහජන දේපළ හා ගෙවල් දොරවල් ගිනි තියන්න දක්ෂ, අසංවර දඩබ්බරයින් ලොරි ගණන් පිරුණු සෙනගින් වැඩක් වෙන්නේ නැහැ. වෙන්නේ අවැඩක්මයි. රට බංකොළොත් වීම නිසා රටේ මහජනතාව පාරට බැස්සා. ඒ අතරට ඔය කියන දඩබ්බර නරුමයින් ලිස්ට් එකකින් මැති ඇමැති වරුන්ගේ ගෙවල් ගිණි තියන්න පටන් ගත්තා. ඊට පස්සේ සිදුවුණේ අර සැබෑ මහජන හඬ යටපත් වී එයට වෙනත් දෙයක් ආදේශ වුණා. ඔන්න ඔය නරුමයන් කළ අපරාධය...
අවලංගු කරන්න මේක ඡන්දෙ තියන්න අවස්ථාවක් නොවෙයි...
ජනාධිපති රනිල් තම බලය අයුතු ලෙස යොදා ගනිමින් මැතිවරණය පැහැර හැරියා. එය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක්. යම් දවසක ඔහු තනතුරෙන් පහ වූ දිනක ඔහුටද සිරිසේනට වුණා වගේ නඩු පැවරෙනවා. මොකද එතකොට මුක්තිය නැහැනේ. සාධාරණය ඔප්පු වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම හිර දඬුවම් ලැබෙනවා. හිරේ යන්න වෙනවා. පින් ජනපතිකමේ බෝනස් එක එහෙම තමයි ලැබෙන්න ඕනෑ. නමුත් රනිල් තමයි එතැනට තල්ලු නොවෙන්න කළහැකි සියලු උප්පර වැට්ටි දානවා. මේ සමහර අශික්ෂිත හිවලුත් එකතු කරගෙන මේ කරන්නේ එවැනි උප්පර වැට්ටියක්...