
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කාන්තාවක පැදවූ ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දහතුන් හැවිරිදි පාසල් සිසුවියක ඇතුළු සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් කාන්තාවක මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර මොරවින්න කවිරාජ මාවතේ අංක 62 / 12 හි පදිංචි නන්දනී පියසීලි මානවඩු නමැති (51) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී කොට්ටාව දෙස සිට පොල්ගස්ඕවිට දෙසට යමින් සිටියදී පොල්ගස්ඕවිට දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රිරෝද රථය වට කිහිපයක් කැරකී මාර්ගයේ පසෙකට විසි වී පෙරළි ඇති අතර ඉන් ත්‍රීරෝද රථය පැදවූ කාන්තාව ඇතුළු සිව් දෙනා බරපතළ තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් කාන්තාව මෙසේ මිය ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ 61 , 21 සහ 13 වයසේ පසුවන මව දියණිය සහ මියගිය කාන්තාවගේ දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් - ත්‍රිරෝද රථ ගැටී කතක් මරුට තව තුනක් රෝහලට
Ayesha Monday, 19 June 2023 11:15 PM
මෙහි තිබෙන සමහර දේවල් අසත්‍යකි