‘ රට වෙන්දේසි ලන්තයක් කරලා‘ ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජය රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 23 April 2023
’’හොරු අපෙන් යන එක හොඳයි’ හොරු එක්ක ජාතික ආණ්ඩුව පිහිටුවීමට සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 23 April 2023
දේශපාලන හිතවතුන්ට අධිවේගී මාර්ග බලපත්‍ර 35ක් දීලා දේශපාලන හිතවතුන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව අධිවේගී මාර්ග බලපත්‍ර 35ක් ලබාදීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. 23 April 2023
’එක්සප්‍රස් පර්ල්’ හානියට හෙට සිංගප්පූරුවේදී නඩු පවරයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2021 වසරේ ගිනිගෙන විනාශ වූ ’එකසප්රස් පර්ල්’ නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකා පරිසරයට සිදු වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේදී හෙට (24) නඩු පැවරීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 April 2023
ආරවුල විසදන්න ගිය අයි.පි.ගුටි කා රෝහලේ නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමිව ග්‍රෙගරි වැව අසල ඉදි කර තිබෙන සුරා සැලක ඇතිවූ කාලගෝට්ටියක් බේරීමට ගිය පොලිස් පරීක්ෂක වරයෙකු බීමතින් සිටි පුද්ගලයන්ගෙන් පහර කෑමට ලක්වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නුවරඑළිය පොලිසිය පවසයි , 23 April 2023
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 23 April 2023
සැමියා මරන්න කොන්ත්‍රාත් දුන්න බිරියයි - හොර මිනිහයි මාට්ටු අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොදම මිතුරාගෙ ගෙල කපා මරා දැමිමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය අද (23) අත් අඩංගුවට ගත් බව කියයි. 23 April 2023
‘ලංකාව ආසියාවේ හොඳම ගුවන් ,නාවික කේන්ද්‍රය කරනවා‘ ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 April 2023
‘ඇත්ත කතා කරන්න බය නෑ‘ ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඊයේ(22) සිය නිල නිවසෙන් ඉවත්ව තිබේ. 23 April 2023
ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයට සැක අයෙක් අල්ලයි යාපනය , නැදුන්තිව් මාවිලා වරාය අසල නිවසක තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කළ එකම පවුලේ සහෝදරියන් තිදෙනකු ඇතුළු පස්දෙනකු ඝාතනය සම්බන්ධයෙන් 51 හැවිරිදි අයකු කයිට්ස් , පුංකුඩිතිව් හීදි අත්අඩංගුවටතත් බව ඩෙල්ෆ් පොලිසිය කියයි. 23 April 2023
’’හරියට කළොත් ලංකාවෙන් ලෝකයටම ණය දිය හැකියි’’ රනිල් වික්‍රමසිංහ ජනපතිගේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කළොත් ශ්‍රී ලංකාවට ලෝකයට ණය දෙන රටක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 23 April 2023
වැසි සහිත සුළගෙන් උතුරේ ප්‍රදේශ කිහිපයක ජන ජීවිත අඩාලයි වව්නියාව , මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්ට පවතින අධික වියලි කාලගුණය අතරතුර ඊයේ (22) ඇදහැලුනු වර්ෂාවත් සමග ඇතිවූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස, දේපල හා වගාහානි රැසක් වාර්ථා වී ඇතැයි ප්‍රදේශභාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි. 23 April 2023
‘අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘ අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 April 2023
ගිනි අවි හැදු අයෙක් උණ්ඩ,අවි සමඟ අල්ලයි බුද්ධි අංශ වලට ලද තොරතුරක් අනුව ගිනි අවි නිශ්පාදනය කරන පුද්ගලයෙකු ජීව උන්ඩ සහ ගිනි අවි කොටස් සමඟ අත්අඩංගුවට ගත්බව ඉංගිරිය පොලිසිය පවසයි . 23 April 2023
මෛත්‍රීට කැඩුණු අත හදාගන්න බැරි වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 23 April 2023
වැඩි අස්වැන්නක් දෙන බීජ වී හදන්න යුරෝපා සහය මෙරට වී වගාවෙන් හෙක්ටෙයාර් එකකට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩ සටහනක් හදුන්වා දීමට හා වැඩි අස්වැන්නක් ගත හැකි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ. 23 April 2023
නාය යාමට අසුවී වසර හතයි:තවමත් දහ දුකේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, පුල්ලුමලේ කොටසේ 2017වසරේදී සිදුවූ නාය යෑමෙන් අවතැන්ව සිටින පවුල් 07 ක් සදහා ස්ථීර වතු නිවාස ඉදිකර නොදීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට එම වතු කම්කරු ප්‍රජාව පවසති. 23 April 2023
අදත් තැනින් තැනට වැසි නැගෙනහිර,ඌව,උතුරු,උතුරු මැදි සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 April 2023
තිස්සේ ගමකට වසර 30කින් බොන්න වතුර නෑ තිස්සමහාරාම කිරින්ද හාජියාර් ගම්මානයේ පවුල් 120ක් පමණ දැඩි පානිය ජල හිඟයකින් පිඩා විදිමින් සිටින බව එහි වැසියෝ පවසති. 23 April 2023
සෙල්ෆියක් ගන්න ගිහින් දුම්රියෙන් බිමට වැටේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියේ පැමිණි 15 හැවිරිදි පිරිමි දරුවකු අද 22 සවස ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 22 April 2023
ඉඩෝරය නිම වේ:මැද රටට තද වැසි මධ්‍යම කඳුකරය පුරා අද 22 සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟෙ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝණ මීටර් 30 ක ජල ධාරිතාවයක් මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බව පොල්ගොල්ල වේල්ල භාර කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කියයි. 22 April 2023
විදේශිකයන්ට පිටවෙන්න උදවු කරනවා ගැටුම්වලට මැදිවී කොටු වී සිටින විදේශිකයන්ට, ආරක්ෂිතව සුඩානයෙන් පිටවී යෑමට තමන් සහාය දක්වන බව සුඩාන හමුදාව (SAF) පවසයි. 22 April 2023
කොරියන් රොකට්ටුවට පහර දෙන්න සූදානම් උතුරු කොරියාව, ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට සූදානම් වෙයි. චන්ද්‍රිකාව යැවිම සිදුවනු ඇත්තේ උතුරු කොරියාව සතු දිගු දුර PAC-3 මිසයිල රොකට්ටුවක ආධාරයෙනි. 22 April 2023
අයියාගේ සහායට මැරතන් තරගයට ගිය මල්ලී මරුට කැකිරාව පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතරතුරදී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි 22 April 2023
පොහොට්ටුවේ මහා සභාවේ තීරණ නීත්‍යානුකූල නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 April 2023
අවුරුදු උත්සවය කැත කළ අයට දැඩි දඬුවම් අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කළ සංවිධායකවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර ඇත. 22 April 2023
යාපනේ පහක් කපා කොටා මරා දමලා ඩෙල්ෆ්ට් ජැටිය ආසන්නයේ නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු අද (22) දහවල් සොයාගත් බව පොලිසිය පවසයි. 22 April 2023
බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු ඇමතුම් දුන් මවුලවීවරයකු අත්අඩංගුවට අකුරණ නගරයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත 118 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ ඇමතුම් දෙකක් ලබාදුන් මවුලවි වරයකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අද (22) පෙරවරුවේ හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 22 April 2023
පොහොට්ටුවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්වූහ. 22 April 2023
ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රී පැමිණ තිබේ. 22 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026