IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මූල්‍ය සමාගමේ හිමිකරු පැහැර ගත් භික්ෂුවක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකු කැබ් රථයකින් බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ ඇයි කියන භික්ෂූන් වහන්සේ නමක් සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පැහැරගැනීමට සම්බන්ධ වූ බවට පැවසෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු සහ පොලිස්කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මූල්‍ය හා ආයතනයේ හිමිකරු පැහැරගෙන යෑමට පැමිණ ඇත්තේ පොලිසිය විශේෂ කාර්ය බළකා මූලස්ථානයට අයත් කැබ් රථයක් බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල් රියදුරා ද පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ රාජකාරි කරන අය බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මූල්‍ය ආයතනයේ හිමිකරුට අයත් මාකොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔප්පුව හා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද පැහැරගැනීම සිදුකළ අය විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පැහැරගත් මූල්‍ය ආයතනයේ අයිතිකරු කොළඹ රාජකීය උද්‍යානය අසල අත්හැර දමා යෑමෙන් පසු දෙමටගොඩ පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබීය



අදහස් (2)

මූල්‍ය සමාගමේ හිමිකරු පැහැර ගත් භික්ෂුවක් මාට්ටු

Latha Tuesday, 13 June 2023 09:07 AM

නීතිය ,වාහන අවභාවිතා කරමින් හැසිරෙන්නේ ඒ අයට නීතියක් නැද්ද ?

:       0       6

Bamunuarachchi Thursday, 15 June 2023 05:15 AM

මේ කතාවේ සුළු කොටසක් පමණයි. ඇයි එහෙම වුනේ කියන එකත් සොයා බලමු. දන්නා විදිහට මේ හාමුදුරුවන්ගේ ලක්ෂ 60 වංචා කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site