(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදී සිටින බවට පළ කෙරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව ද ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගිතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදී සිටින බවට පළ වන පුවත්  භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ (CFSAM) සොයාගැනීම් වලට පරස්පර බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.