(නිමල කොඩිතුවක්කු)
විද්‍යුත් විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද(13) පැවසීය.
එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු බැවින් ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය නෑ‘‘
wedage Tuesday, 13 June 2023 04:42 PM
අවශ්‍ය වුණොත් නොකර ඉන්නෙත් නෑ...
Samitha S. Aluthgamage Tuesday, 13 June 2023 05:16 PM
මේ කඩිමුඩියේ මේ පනතක අවශ්‍යතාව කුමක්ද ? මෙහි එක් අරමුණක් සේ සිතියහැකි වන්නේ,පොහොට්ටු හොරුන් විසින් රට බංකොලොත් කිරීම ගැන රටේ ජනතාව නැවතත් පෙළ ගැසේවි කියන බිය නිසා එය වැළැක්වීමට උත්සාහ කිරීම බව පෙනේ.සැබෑ මාධ්‍ය වලට හා මාධ්‍යවේදීන්ට දූෂිත පවුල් පාලනය දැඩි බියක් දක්වයි.එබැවින් තම හොරමැරකම් එළිවීම වැළැක්වීමට ඔවුන් පෙළගැසෙන බව සිතිය හැකිය.මේ ප්‍රකාශ නිකුත් කරන බන්දුල ගුණවර්ධන ද තවමත් හිඳින්නේ දූෂිත පවුල් පාලනයත් සමගය.කුමන හෝ දෙයක් කොට ඔවුන් ආරක්ෂා කරගැනීම ඔහුගේ අභිප්‍රාය බව සත්‍යයකි.එසේ නොකළහොත් කාගේ කාගේත් කිල්ලෝට වල ඇති හුණු ද පෙනෙන්නේය.ඒ කෙසේ වෙතත්,රටේ මාධ්‍ය මර්ධනයට කව්රුන් හෝ කටයුතු කටයුතු කළහොත් එහි අනිසි විපාක ඔවුන්ට ඒකාන්තයෙන්ම ලැබෙනු ඇත.දැනටමත් ඇමරිකානු තානාපතිනිය ඒ වෙනුවෙන් ඉඟි පළ කර ඇත.එමෙන්ම, රටක සිව්වැනි ආණ්ඩුව හෙවත් රාජ්‍යය දරා සිටින සිව්වැනි කණුව ජනමාධ්‍යය බව දූෂිත දේශපලනඥයන් තරයේ දත යුතුය.එය නොමැතිව කණු තුනකින් රජයට පැවැත්මක් නැත්තේය. රාජ්‍යය බිමට ඇද වැටෙන්නේය.
Sunil Tuesday, 13 June 2023 05:46 PM
මේ දුරධාන්ත රජයට මාධ්‍ය මර්ධනය කිරීමට විශාල අවශ්‍යතාවයක් ඇති නිසානේ මේ පනත ගෙනෙන්නේ
Rohana Wednesday, 14 June 2023 07:55 AM
මාධ්‍ය මර්ධනය නොකරනවා නම් අහවල් එකටද ඔය පනත ගේන්නේ...?